මේ වන විට ඇතිවී තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩුකර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල රජයට ඉදිරිපත් කර ඇත.
- කොළඹට එන වාහන සීමා කිරීම
- පාසල් පැවැත්වීමේදී සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම
- වාහන තදබදය අඩු කරගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකිරීම
- ඉන්ධන මිල සූත්‍රය වහාම ක්‍රියාත්මක කිරීම
- රාජ්‍ය ආයතනවල රැස්වීම්, සාකච්ඡා, සම්මන්ත්‍රණවලට නිලධාරීන් කැඳවීම සීමා කර වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීම් පැවැත්වීම
- ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන් කොළඹට කැඳවීම සීමාකර එම සාකච්ඡා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම
- කර්මාන්තශාලාවට අවශ්‍ය බල ශක්තිය පුනර්ජනනීය බලශක්තිය මගින් ලබාගැනීමට කර්මාන්තකරුවන් දිරිගැන්වීම
ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමුවත්, ඉල්ලුම අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා විනෝද ගමන්, නෑදෑයන් හමුවීම, විනෝද චාරිකා, ප්‍රියසාද ආදියට සඳහා ගමන් බිමන් වැඩිවීම ද ඉන්ධන භාවිතය වැඩි වීමට හේතු වී ඇති බව ද පෙන්වා දී ඇත.
මේ අතර, කොවිඩ් වසංගතය බෝවීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා වෙනුවට පෞද්ගලික වාහන භාවිතය වැඩිවීම ද ගෑස් හිඟය හේතුවෙන් භූමිතෙල් ලිප් භාවිතය ඉහළ යාම ද ඉන්ධන භාවිතය ඉහළ යාමට බලපා ඇතැයි ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
තත්වය සැලකිල්ලට ගනිමින් ඛනිජ තෙල් භාවිතය සීමා කිරීම සඳහා ඇමැතිවරයා මෙම විකල්ප යෝජනාවලිය රජයට ඉදිරිපත් කර ඇත.
0 Comments