The-girl-who-lost-her-life-after-going-for-a-swim-after-completing-her-scholarship

පහේ ශිෂ්‍යත්ව විභාගය අවසන් වී නිවෙස් වලට පැමිණ දෙමාපියන් හා එක්ව නිලාවෙලි එරක්කණ්ඩි ‍මෝය අසල දිය නෑමට ගිය දරුවන් සිව් දෙනෙකුගෙන් එක් දැරියක් මියගොස්   තවත් දැරියක්  අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබේ. 



රොහල්ගත කළ දැරිය ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කුච්චවේලි පොලිසිය පවසයි.

දිය නෑමට ගිය දරු දැරියන් කණ්ඩායමට  සිව් දෙනෙකු සිට ඇති අතර එක් සිසුවියක ගේ මව හා පියා සමග මෙලෙස දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව තිබේ. මෙලෙස මිය ගියේ ත්‍රිකුණාමලය ආන්දම්කුලම පාසල් මාවතේ පදිංචි කේ. ඒ. ඔෂිනි අස්වානි නැමැති දස හැවිරිදි සිසුවියකි.

සිසුවියන් සමග දිය නෑමට ගොස් එරක්කණ්ඩි කළපුවේ සැඩ පහරට හසුව ගහගෙන යමින් සිටියදි දිවි බේරාගත් සිසුවෙකු වන දේවින්ද සුරාජ් බන්ඩාර මෙසේ පැවසීය.
 “මුලින්ම මම බැහැලා නෑවා.

අනුර මාමා ගොඩාක් ඈත යන්න එපා කිව්වා අපි ඔක්කොම බැස්සා නාන්න. අපි නනා ඉන්න කොට තිසුමියි මැරුණු කෙනාගේ අක්කයි ගහගෙන ගියා වතුර මැද ගොඩබිමක් තිබ්බා එතැනට ගහගෙන ගියා මටත් වතුර පෙවුණා. මම එතැන ගලක් තිබ්බා ඒ ගලට නැග්ගා. නංගි අර මැරුණු කෙනාව බදා ගත්තා දෙන්නම ගිලුණා හෝටලේ හිටපු අයයි බෝට්ටුවෙ හිටපු කට්ටියි බෝල ගගහා හිටපු අයයි තමා බේරාගත්තේ.මුලින්ම ගොඩ ගත්තේ අයෝධ්‍යාව. එයා ලේ වමනේ දාලා තිබ්බා ඊට පස්සේ තමා අරයව හමුවුණේ”

දියේ ගිලි ඇති සිසුවියන් සිව් දෙනා ත්‍රිකුණාමලය මිහිදුපුර විදුහලේ පහ වසරේ ඉගෙනුම ලබන සිසුන් වෙති. මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරික්ෂණය ත්‍රිකුණාමලය මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතය.



දියේ ගිලෙමින් සිටියදි බේරා ගත් සිසුවිය අසාධ්‍ය තත්වයෙන් මේ වනවිට ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.