119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව
බම්බලපිටිය සහ වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩගසා තිබිය දී මළසිරුරු දෙකක් අද සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම සිරුරු පිරිමි පුද්ගලයින්ගේ බවට හඳුනාගෙන ඇති අතර, අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගැනීමට හැකිව නැත.
මළ සිරුරු මුහුදු වෙරළට ගොඩගැසූ අවස්ථාවේ අවට සිටි අය එක්වී පොලිසියට මේ ගැන දැනුම් දී ඇත.
බම්බලපිටිය සහ වැල්ලවත්ත වෙරළ තීරවල තිබී මළ සිරුරු දෙක එකි නෙක යාබද ප්‍රදේශ වලින් හමුවීම නිසා එකම සංසිද්ධියකට සම්බන්ධ බවට හා කිසියම් අභිරහස් ඝාතනයක ප්‍රතිඵලයක් විය හැකි බවට පොලිසිය සැක පළ කරන අතර ඒ ගැන පුළුල් පරීක්ෂණයක් මේවනවිටත් අරඹා ඇත.
0 Comments