Underworld-shooting-of-Panadura-ambulance-driver-who-leaked-heroin--CCTV

පානදුර මූලික රෝහල ඉදිරිපිටදී  ගිලන් රථ රියදුරෙකුට නාඳුනන පුද්ගලයෙක් අද (27) වෙඩි ප්‍රහාරයක් එල්ලකරන්නට උත්සාහ කළත් එය අසාර්ථක විය.
පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිට පැමිණි ගිලන් රථය මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ හෙල්මටයක් පැළඳගෙන ආ සැකකාර පුද්ගලයකු ගිනි අවියක් අතදරාගෙන රියදුරු වීදුරුව දෙසට පැමිණ වෙඩිතබන්නට උත්සාහ කළත් එක් උණ්ඩයක් වාහනයේ ගැටී අනෙක විසිවී පසුව ගිනි අවිය අක්‍රීයවීම  නිසා එය වැරදිණි. රියදුරුගේ වාසනාවට උණ්ඩ විසිවී බිම වැටිණි.
රෝගී කාන්තාවක රැගෙන පානදුර මූලික රෝහල වෙත අද පෙරවරු 11.45ට පමණ රියදුරු පැමිණි අවස්තාවේ

මෙම සිදුවීම සිදුව ඇති අතර
එම අවස්ථාවේදී යතුරුපැදි දෙකකින් පුද්ගලයන් 4දෙනෙකු පැමිණ ඇත.
ගිලන් රථය රෝහල් භූමියට ඇතුළු කරනවාත් සමගම එක් පුද්ගලයෙකු ගිලන් රථයේ රියදුරුගේ දොර අසලට පැමිණ වෙඩිතැබීම සිදුකරද්දී
 තවත් පුද්ගලයෙකු රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල ගිනිඅවියක් අතැතිව වෙඩිතැබීම සිදුකළ පුද්ගලයාගේ ආරක්ෂාව සඳහා සිට ඇති අතර අනෙක් දෙන්නා යතුරු පැදි නවතාගෙන සගයන් දමාගෙන පළායන්නට සූදානමින් සිටි බව හෙළිව ඇත.
කෙසේ වෙතත් ඝාතන තැත අසාර්ථකවීමෙන් පසු 4 දෙනාම පළායනු සීසීටීවී දර්ශන වලින් පෙනී යයි.
පානදුර දකුණ පොලීසිය සඳහන් කළේ ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් රියදුරුගේ ජීවිතය බේරී ඇති බවය.


ගිනිඅවියේ තිබූ ජීව උණ්ඩයක් ගිලන් රථයේ ඉදිරිපස රියදුරු දොර අසල වැටී තිබිණි. එක් වෙඩි ප්‍රහාරයක් ගිලන් රථයට වැදී තිබුණත් රියදුරුට තුවාල සිදුවී තිබුණේ නැත.
එම ගිලන් රථ රියදුරා කළුතර උතුරු තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධියට අදාළ පසුබිම් විස්තරය ගැන පොලිසිය සොයමින් සිටී.රුපියල් කෝටි 42ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 42ක් මීට වසරකට පමණ පෙර පොලිසියට සොයා දෙන්නට ඔත්තු සැපයීම නිසා රියදුරුට තර්ජන තිබී ඇති බවට තොරතුරු හෙළිව ඇත.
වළාන දූෂණ මර්දන ඒකකය පසුගිය පෙබරවාරි මාසයේ හොරණ දික්හේනපුරදී එකී මත්ද්‍රව්‍ය තොගය වටළනු ලැබූ අතර එම මත්ද්‍රව්‍ය හොරණට ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබුනේ ගිලන් රථයකි. එලෙස මත්ද්‍රව්‍ය තම ගිලන් රථයෙන් ගෙනගිය බව පොලිසියට දන්වා සිටියාය යන සැකයට රියදුරුට තර්ජන තිබී ඇත.