අද (30) ගම්පහ දී පැවැත්වූ ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගී වූවන් විසින් අල්ලා ගෙන නිට්ටඹුව පොලීසියට බාරදී ඇතැයි වාර්තාවේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැති සමුළුවට සහභාගිවීම සදහා කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාව වෙත ගමන් ගනිමින් සිටි මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ලවී ඇත.
ප්‍රබල ඇමැතිවරයකුගේ සහ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නම් හෙලිකර ඔවුන් ඒවූ බව ඒ් දෙන්නා පිළිගෙන ඇතැයිද පැවසේ.
එක් පුද්ගලයෙකුට රුපියල් 5000ක් ලබාදුන් බවත් මීට පෙර කොළඹ කොටුවේ පැවති ජවිපෙ උද්ඝෝෂණයට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ද ඔවුන් බවත් මෙම අය පිළිගෙන ඇතිඅතර 16 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබූ බවත්, සිද්ධිය ඇතිවීමත් සමග අන් පිරිස පළාගිය බවත් මේ දෙන්නා පවසා ඇත.
නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
0 Comments