සතොස මඟින් ලබාදෙන සම්බා සහ නාඩු සහල් මිල අද (29) සිට පහළ දැමීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පිටකොටුව සහල් තොග වෙළඳසැල් පරීකෂා කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.ෙ
පාකිස්තාන සංචාරයෙන් අනතුරුව මෙරටට පැමිණි අමාත්‍යවරයා සහල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (29) පෙරවරුවේ පිටකොටුව සහල් තොග වෙළඳසල් පරීකෂා කිරීමට එක් විය.
මෙහිදී සහල් ව්‍යාපාරිකයන් සමඟ සුහද කතා බහකට ද එක්වෙමින් සහල් මිල පරීක්ෂා කිරීම සිදුවිය.
මෙම පරීක්ෂා කිරීමෙන් අනතුරුව සතොස හා සමූපකාර සේවා අධිකාරිවරයාට දුරකථන මාර්ගයෙන් දැනුම්දෙනු ලැබුවේ සතොස නිකුත් කරන සම්බා සහ නාඩු සහල් මිල අද (29) පෙරවරුවේ සිට පහත දමන ලෙසයි.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සහල් මිල ඉහළ දැමීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.
0 Comments