පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන යළි මෙරටට පැමිණි බව වාර්තා වේ.
සිය ඇමරිකානු සංචාරය කලින්ම අවසන් කරමින් ඒ මහතා මෙසේ පැමිණෙන්නේ ඉදිරි කැබිනට් සංශෝධනයට අදාළ කටයුතු සැලසුම් කිරීම සඳහා බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.
නව වසරේ කැබිනට් සංශෝධනය ජනවාරි 14 – 15 වැනි දිනක සිදුකෙරෙනු ඇති බවටද දැනට වාර්තා වෙයි.
කැබිනට් සංශෝධනය නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙර, එනම් ජනවාරි 18 වනදාට පෙර අනිවාර්යයෙන්ම සිදුකෙරෙනු ඇත.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ සහෝදරයා වෙනුවට අගමැති තනතුර භාරගනු ඇති බවට ආරංචි පැතිරුණද ඒවා තහවුරු වූයේ නැත.
නව වසරේ මුල් භාගයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂය තුළ පවතින අර්බුද වෙනුවෙන් බැසිල් තීරණාත්මක වෙනස්කම් සිදු කරන බවත් ඒ අනුව ඉදිරියේ රටේ දේශපාලන ගමන්මග තීන්දුවනු ඇති බවටත් දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
විශේෂයෙන්ම නව ජනපති ලේකම්වරයෙකු යටතේ අලුත් වැඩපිළිවෙලක් ගෙන එමින් ජනපති සිදු කරන වෙනස්කම් වලට සමගාමීව පක්ෂයේ කඩාවැටීම් පිළිසකර කරන්නට හා ජනතාවගේ ජීවන බර සම්බන්ධ ආකර්ෂණීය විසදුම් ගෙන එන්නට බැසිල් සැලසුම් කර ඇතැයි අභ්‍යන්තර ආරංචි වාර්තා කර තිබේ.
0 Comments