අලුත් අවුරුද්ද ආරම්භ වූ පෙරේදා (01) යාචකයන් 600 කට අධික පිරිසක් නගරයේ පොලිස් ස්ථාන 24 ට කැඳවා ඔවුන්ගේ කොණ්ඩා රැවුල් කපා නහවා පිරිසුදු කර අලුත් ඇඳුම් අන්දා උදැසන කිරිබත් සහ රස කැවිලිවලින් සංග්‍රහයක් ද පිරිනැමීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබිණි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව නව වර්ෂයේ පළමු ප්‍රජා පොලිස් සත්කාරය ලෙස මෙම සත්කාරය සිදුකළ බව පොලිසිය පවසයි. මෙම පිරිස පෙරේදා උදෑසන 6.30 පොලිස් ස්ථාන වෙත කැඳවනු ලැබ සිටි අතර පොලිස් ස්ථාන පරිශ්‍ර තුළදී මෙම සංග්‍රහය කළ බව පොලිසිය කියයි.මෙම ක්‍රියාවට සමගාමීව ඔවුන්ගේ ඡායාරූප හා ඇගිලි සටහන් ද ලබාගත් බවත්, රිය අනතුරු හා විවිධ රෝගාබාධ හේතුවෙන් මහමග ජීවිතක්ෂයට පත්වෙන අයගේ මෘතදේහ හඳුනා ගැනීමට සහ අපරාධ නිවාරණයට එයට පිටුවහලක් බවත් පොලිසිය පවසයි. මෙම පිරිස අතර දරුවන් විසින් නොසලකා හරින ලද දෙමාපියන්, සංවිධානාත්මක කණ්ඩායම් විසින් මුදල් ඉපයීම සඳහා යොදවනු ලැබූ පිරිස්, සිටින බවත් ඔවුන් සම්බන්ධව තොරතුරු රැස්කර සංවිධානාත්මකව මුදල් ඉපයීමේ නිරත පිරිසට එරෙහිව නීතිමය පියවර ගැනීමත්, කිසිදු හව්හරණක් නොමැති පිරිස වැඩිහිටි නිවාස හෝ වෙනත් සුරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමත් ඉදිරි දින කිහිපය තුළ සිදු කරන බව පොලිසිය කියයි. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙළ මුළු බස්නාහිර පළාතටම ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය පවසයි. කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් පිරිසකට එන්නත් ලබා දීමට ද මෙදින පොලිසිය පියවර ගත්තේය.
-ඉන්දිකා රාමනායක-
0 Comments