bhanuka-rajapaksa-resign-letter

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බව ලිපියක් මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇතැයි වාර්තාවෙයි.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ

ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත්තේ නව ශාරීරික යෝග්‍යතා මිනුම් ක්‍රම සම්බන්ධයෙන් ඇති ගැටලුවක් හේතුවෙනි.

මෑතකදී ක්‍රිකට් ආයතනය විසින් හදුන්වා දි ඇති නව ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමග තමන්ට තවදුරටත් ක්‍රීඩා කළ නොහැකි බව සිය ඉල්ලා අස්වීමේ ලිපියේ භානුක රාජපක්ෂ විසින් සදහන් කොට ඇති බවද දැනගන්නට තිබේ. ආසන්න වශයෙන් සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් බානුක ශාරීරික යෝග්‍යතා පලරීක්ෂණයේ  නියැළුනේය.

පසුගිය කාලයේදී ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස නමක් දිනාගත් ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ  සමග මෙම තීරණයට ඈන්ජලෝ පෙරේරාද එක්ව ඇති තෙර දෙන්නාම ලිපි ලබාදී ඇත.

අදාළ ලිපි සඳුදා ක්‍රිකට් ආයතනය වෙත යොමු කොට ඇති බව දැනගන්නට ඇත.

භානුක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 05ක් සහ විස්සයි 20 තරග 18ක් ක්‍රීඩා කර ඇති තවමත්
ඉහළ ලකුණු වේගයක් සහිතව ලකුණු අතර සිටින තරුණ ක්‍රීඩකයෙකි. ඇන්ජලෝ පෙරේරා ලංකාව වෙනුවෙන් එක්දින තරග 06ක් සහ පන්දුවාර විස්සයි 20 තරග  06ක් ක්‍රීඩා කර තිබේ.
භානුක රාජපක්ෂගේ ද විදෙස්ගත වීමේ අදහසක් ඇති බව දැනගන්නට ඇත.