වසර තුනකට ආසන්න කාලයක් විභාග වූ වැලිකඩ බන්ධනාගාර සමූලඝාතන සිද්ධියේ තීන්දුව ලබාදීම අද සිදු කරන බව දන්වා තිබුණ නමුත්
අද (6) රැස්වූ අධිකරණය එහි තීන්දුව ලබාදීම ජනවාරි 12 වැනිදාට කල් තැබිණි.
තීන්දුව අද පෙරවරුවේ ලබාදීමට නියමිතව තිබුනේ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන් හමුවේ මෙම නඩුව
විභාගයට ගැනීමෙන් පසුය.
නඩුවේ තීන්දුව ලබා දීමට නියමිතව තිබියදී රංගජීව ඊයේ (5) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබීමද විශේෂ සිද්ධියකි.
2012 නොවැම්බර් 9 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධියේදී විශේෂ කාර්ය බළකාය විසින් සඟවා තිබූ අවි සෙවීමට සිදු කළ අනපේක්ෂිත සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් සිරකරුවන් කලබල කළ අතර බන්ධනාගාරය පාලනය කරන බව පවසා සිදුවූ වෙඩි තැබීමෙන් රැඳවියන් 27 දෙනකු මිය ගිය අතර තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස් පරීක්ෂක රංගජීවට සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එරෙහිව චෝදනා 33ක් යටතේ මෙම නඩුව පවරා තිබුණි.
මොවුන් දෙදෙනාට එරෙහිව ඇති අධිචෝදනාවලින් කියැවුණේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට චෝදනා කරමින් රැඳවියන් සිරගත කර තිබූ බවත් ඔවුන් මරාදමන්නට කටයුතු කළ බවත්ය.
0 Comments