It-is-revealed-that-the-Muslim-man-was-hanged-but-his-beard-was-revealed

කොළඹ, ග්‍රෑන්ඩ්පාස්හිදී සියදිවි හානි කරගෙන මියගිය පුද්ගලයකුගේ මරණය වෛද්‍යවරයකුට රුපියල් 50,000ක් ලබාදී ස්වාභාවික මරණයක් බවට ඔප්පු කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමේ පුවතක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් වාර්තා වෙයි.



අවුරුදු 60ක් පමණ වයසැති එලෙස මියගොස් සිටි මුස්ලිම් ජාතික පුද්ගලයා අඩි 02ක් පමණ දිග රැවුලක් වවාගෙන සිට ඇත. ඔහුගේ රැවුල කපා කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමේදී, ඔහුගේ බෙල්ලේ ලණුවකට හසුවී කැපී ගිය පහරක් නිරීක්ෂණ වී ඇත.

මෙහිදී අනාවරණය වී ඇත්තේ එල්ලීමෙන් මියයාම මුස්ලිම් ආගමට විරුද්ධ නිසා සහ දේහය කපන නිසා වංචාවක් කර ස්වභාවිකව සිදුවූ මරණයක් බවට මෙම මරණය ඔප්පු කිරීමට උත්සාහ කර ඇති බවය.

මියගිය අයගේ බාල පුතා සහ මියගිය අයගේ භාර්යාව විසින් සැලසුම් සහගතව රු. 50,000ක මුදලක් වෛද්‍යවරයකුට ලබාදී මෙය ස්වභාවික මරණයක් බවට ඔප්පු කිරීමට උත්සාහ කර ඇති බවත් එහිදී අනාවරණය වී තිබේ.

එහෙත් මෙම මියගිය අයගේ වැඩිමහල් පුතා විසින් මෙම මරණය සිදුවීම සැක සහිත මරණයක් බවට ග්‍රෑන්ඩ්පාස් පොලිසියට දන්වා ඇත.

(ටී.එන්. සමරජීව - කොළඹ)