පසුගිය 5 ශ්‍රේණීයේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේදී ප්‍රශ්න පත්‍ර ප්‍රමාදවී ලබාදී විභාගය අවසන් කර ප්‍රශ්න පත්‍ර නැවත එකතුකිරීමේදී නියමිත වේලාවට ඒවා ලබාගැනීම නිසා අසාධාරණයක් සිදුවූ බවට එක්තරා විභාග මධ්‍යස්ථානයකින් වාර්තා විය.
එම සිසුදරුවන්ට සාධාරණයක් කරන බවටද ඒ දිනවල විභාග කොමසාරිස්වරයා පොරොන්දු විය.
පසුව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණයවී ඇත්තේ එලෙස වැරදී වේලාවට ප්‍රශ්න පත්‍ර බෙදා ඇත්තේ ශාලාධිපතිවරයෙකුගේ කටු ඔරලෝසුවේ වයින් කිරීම දුර්වල වීමේ දෝෂයක් නිසා බවයි. ඒනිසා වැරදි වේලාවක් අනුව වැඩකර ඇති ශාලාධිපතිවරයාට පසුව පැමිණි සහායකයන් නිවැරදි වේලාව දන්වා ඇති අතර ඔහු වේලාව හදාගෙන සිදුවූ දෝෂය අමතක කර දරුවන්ට අඩු කාලයක් ලබා දෙන පරිදි නියමිත වේලාව බලා ප්‍රශ්න පත්‍ර එකතුකර තිබේ.
මෙම මුග්ධ ශාලාධිපතිවරයා නිසා දරුවන් රැසකට අසාධාරණයක් සිදුවිය.
මෙම අසාධාරණයට මෙවර ඉඩ නොතබන ලෙස විභාග කොමසාරිස්වරයා අද මාධ්‍ය හමුවකදී මතක්කළේය.
ඔහු මෙසේ කීය.
"පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී චෝදනාවක් ආවා විභාග දෙපාර්තමේන්තුවට. මධ්‍යස්ථාන තුන හතරක එක්කෝ උත්තර පත්තරය වේලාසනින් එකතු කරලා. නැත්නම් ප්‍රමාද වෙලා දුන්නා කියලා. ඒ නිසා අපි මෙවර නිත්‍ය නියෝගයක් පනවල තියෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා හැටියට සියලුම ශාලාධිපතිවරුන්ට.තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රෝනික ඔරලෝසුවකින් සකස් කරගන්න ඕන. ඒ වගේම වේලාව ප්‍රදර්ශනය කරන්න ඕන. තමන්ගේ අත් ඔරලෝසුවේ වෙලාවට සියලුම නිරීක්ෂකයන්ගේ,
සහකාර ශාලාධිපතිවරයාගේ වේලාව සකස් කරන්න ඕනේ. එකම වෙලාවයි ශාලාවේ තියෙන්නේ. දූලා පුතාලගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පංති කාමරය භාර ගුරුතුමියගෙන් හෝ ගුරුතුමාගෙන් ඔරලෝසුවේ වෙලාව දැනගන්න. ඒ වෙලාවට තමන්ගේ වෙලාවත් හදාගන්න."
0 Comments