cabinet-reshuffle-on-january10

මේ දිනවල විහාල වශයෙන් කතාබහක් ඇති තර තිබෙන කැබිනට් මණ්ඩලයේ සංශෝධනය ලබන 10 වැනිදා සිදු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග දන්වා ඇත.   මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන ඇමැති ධුර කිහිපයක් වෙනස් කෙරෙන අතර, දැනට මහින්දානන්ද අලුත්ගමගේ මහතා දරමින් සිටින කෘෂිකර්ම අමාත්‍ය ධුරය ද එසේ වෙනස් කෙරෙන අමාත්‍ය ධුර අතර වන බව එම ආරංචිමාර්ග සදහන් කරයි.  කෘෂිකර්ම අමාත්‍ය ධුරයට ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන එස්.එම්. චන්ද්‍රසේන මහතා පත් කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

  ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර ව්‍යාපෘති කිහිපයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අමාත්‍යවරයෙකි. ඔහුගේ එම ව්‍යාපෘති රජයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත. නව වසරේ නව ගමනක් යෑමට රජය තීරණය කර ඇති  පසුබිමක මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු කෙරෙන්නේ ඒ ගමනට උත්තේජනයක් වශයෙන් යැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.


පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරිමෙන් පුරප්පාඩු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට එස්බී දිසානායක මන්ත්‍රීවරයා පත්කිරීම ද මෙදින සිදු කෙරෙනු ඇත. 
මීට අමතරව විමල් ගම්මංපිල හා වාසුදේව යන අයගේ ඇමති විෂය පථයන් වෙනස්වනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර ඇති නමුත් තවම ඒවා මොනවාදැයි ස්ථිරව හඳුනාගෙන නැත.