ඒ අනුව ඇය පසුගියදා නවසීලන්තයේ පළකෙරෙන New Zealand Herald පුවත්පත වෙත සිය තත්ත්වය සම්බන්ධයෙන් සඳහන් කරමින් සම්මුඛ සාකච්ඡාවක් ලබාදී ඇති අතර, එම ලිපිය පළවීමත් සමග මෙලෙස සමාජ මාධ්‍ය අතර මේ පිළිබද කතාබහක් හටගෙන ඇත.
චාර්ලට් සඳහන් කරන ආකාරයට ඇය අල්-ජසීරා රූපවාහිනී නාලිකාවේ වාර්තාකාරිනියක ලෙස ඇෆ්ගනිස්තානයේදී සිටින අතර, මේ වනවිට ගැබිනියක වන තමන්ට යළිත් ආරක්ෂිතව සිය මව්රට වෙත ඒමේ අවස්ථාව නවසීලන්තය විසින් ප්‍රතික්ෂේප තිබේ. ඒ අනුව තමන් මේ මොහොතේ ඇෆ්ගනිස්තානයේ සිරවී සිටින බව ඇය සඳහන් කර ඇත. තලේබාන් සංවිධානය පසුගිය වසරේ අගෝස්තු 15දා ඇෆ්ගනිස්තානයේ බලය ඇල්ලීමෙන් අනතුරුව පැවැත්වූ පළමු වැනි මාධ්‍ය හමුව වෙත සහභාගි වූ මාධ්‍යවේදිනියන් තිදෙනා අතරට චාර්ලට් ඇතුළත්ව සිටියාය. මෙලෙස චාර්ලට් පත්ව තිබෙන තත්ත්වය පිළිබදව සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා ඇති ඇතැම් දෙනා මෙය නවසීලන්තයේ නිලධාරිවාදයේ දරුණු බව පෙන්වෙන අවස්ථාවක් බවද සදහන් කර තිබේ.
නවසීලන්තය වෙත පිටත්ව ඒම සදහා ඇය සහ ඇගේ සහකරුවා වන බෙල්ජියානු ජාතික ඡායාරූප ශිල්පී ජිම් හුලේබ්රෝඒක් කටාරය හා නුවර පිහිටි අල්-ජසීරා මූලස්ථානය වෙත පැමිණ තිබේ. චාර්ලට් පවසන ආකාරයට ඇය ගැබිනියක බව හඳුනාගෙන ඇත්තේ එම අවස්ථාවේදීය. එහෙත් කටාරය තුළදී අවිචාහක තරුණියක ගැබිනියක බවට පත්වීම නීතිවිරෝධී කරුණක් හේතුවෙන් ඇය එම තත්වය වසන් කරමින් මෙලෙස ඉක්මනින්ම නවසීලන්තය වෙත ඒමට උත්සාහ දරා තිබේ.
නවසීලන්තය COVID-19 පිළිබඳ දේශසීමා තීතියටත් ඔවුන්ගේ පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එම අවස්ථාවේදීය.එහි අවසන් ප්‍රතිඵලය ලෙස අයට යාමට තිබූ එකම තැන ඇෆ්ගනිස්තානය බවට පත්වූ බව චාලට් පවසයි. ඒ අනුව ඇය ඇෆ්ගනිස්තානයේ වර්තමාන පාලනයහිම් තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකු සම්බන්ධ කරගනිමින් සිය තත්ත්වය පැහැදිලි කරදී තිබේ. එහිදී ඇයට සිය දරුවා ඇෆ්ගනිස්තානය තුළදී ප්‍රසූත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට තලේබාන් සංවිධානය එකග වී ඇතැයි සදහන් වී තිබේ. "අපී ඔබ ගැන සතුටුයි. ඔබට මෙහි එන්න පුළුවන්. ඔබට කිසිම ගැටලුවක් වන්න” යනුවෙන් තලේබාන් සංවිධානය තමන්ට පැවසූ " බව චාර්ලට් New Zealand Herald පුවත්පත වෙත පවසා තිබේ. මේ අතර, අදාළ සිදුවීම පිළිබද අදහස් දක්වා ඇති
නවසීලන්තයේ හුදකලා කිරීම් සහ නිරෝධායන කළමනාකරණ අංශයේ ප්‍රධානියා වන ක්‍රිස් බනී, "චාර්ට් පසුගිය ජනවාරි 24 අප වෙත එවූ ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප වුණේ ඇය ලබන පෙබරවාරි 27දා නවසීලන්තය වෙත පැමිණීමට නියමිතව තිබූවක් නිසයි. එය යම් ඉල්ලුම් පත්රයකට අනුමැතිය ලබාදී දින 14කට වඩා වැඩි කාලයක් වීම ඊට හේතුවයි.” යනුවෙන් පවසා තිබේ.ඒ අනුව ඇය පිටත්වීමට බලාපොරොත්තුවන දිනයට දින 14ක කාලයකට පෙරාතුව යළිත් ඒ සඳහා ඉල්ලුම් කරන ලෙසද මෙහිදී එම අංශය මගින් ඇයට ප්‍රතිචාර ලෙස දක්වා තිබේ. එසේ නැත්නම් ඇය පිටත්ව ගුවන්යානය පෙරාතුව නවසීලන්තය වෙත පැමිණීමක් සඳහා කටයුතු සම්පාදනයට අදාළ ගුවන් ගමන් සමාගම සමග කතාබස් කරන ලෙසද දැනුවත් කළ බවත් එහි ප්‍රධානියා වන බනී මෙහිදී සදහන් කර තිබේ. "ඒවගේම අපි පසුගිය ඉරිදා දිනයේදිවාහ දන්වා සිටියා ඇයට යළිත් වරක් හදිසි අවස්ථාවක් යටතේ මේ සදහා ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. එතැනදී නවසීලන්ත පුරවැසියෙකුට සහ පදිංචිකරුවකුට තමන්ට සිටින බරපතළ තත්ත්වයකින් හෝ දරුණු අවදානමකින් මිදීම සඳහා ඇති එකම විසදුම යළිත් නවසීලන්තය වෙත පැමිණීම බව සදහන් කරමින් ඇයට එය සිදුකළ හැකියි.” යනුවෙන්ද ඔහු මෙහිදී පවසා තිබේ.එහිදී සිය හදිසි කටයුතු සම්පාදන කණ්ඩායම මෙවැනි ඉල්ලුම් පත්‍ර වෙත අවධානය යොමු කරමින් සිටින බවත්, චාර්ලට් අද වනවිට නැවතී සිටි ස්ථානය වන ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ වැඩි අවධානයකට යොමුවූ ස්ථානයක් වන බවත් ඔහු වැඩිදුරත් පවසා තිබේ. -
0 Comments