ආන්දෝලනාත්මක කාබනික පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ චීන පොහොර සමාගමට අදළ ණයවර ලිපියට අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 6.9ක මුදලක්(රුපියල් කෝටි 140කට වැඩි මුදලක්) අද (07 වැනිදා) දිනයේ ගෙවා දැමූ බව
මහජන බැංකුව ප්‍රකාශ කරයි. මෙම ගෙවීම චීනයේ චින්දවෝ බයෝටෙක් සමාගමට සිදුකිරීමට නියමිතවූ මහජන බැංකුවේ සාමාන්‍යධිකාරී රන්ජිත් කොඩිතුවක්කු තහවුරු කළේය.
බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට රැගෙන ආ චීනයේ චින්දවෝ බයෝටෙක් සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව ඇතුළු පාර්ශ්වයන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව සමථයට පත් කිරීමට පසුගිය දෙසැම්බර් 03වැනිදා කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි අවසර ලබාදුන් අතර,
අදාළ චීන සමාගම වෙත මුදල් ගෙවීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය විසුරුවා හැරීමටද වැනිදා නියෝග කරනු ලැබීය. මෙහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් මෙම නඩුව සමථයට පත්කිරීමට සූදානම් බවත් ඒ සඳහා අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
0 Comments