වට්ස්ඇප්, ෆේස්බුක් සහ ට්විටර් වැනි බටහිර සේවාවන් අවහිර කර ඇති චීනයේ භාවිතාවන ප්‍රබලම සමාජ මාධ්‍ය වේදිකාව WeChat වන අතර චීන ජනතාව වෙත පණිවිඩ යැවීම සඳහා බොහෝ රාජ්‍ය නායකයින් භාවිත කරනු ලබන්නකි.
ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ගේ WeChat ගිණුම එක්වරම අතුරුදහන් වී ඇති බව සඳුදා වාර්තාවූ අතර එය චීන බලධාරීන්ගේ මැදිහත්වීමක් බවට චෝදනා එල්ලවී තිබේ.
මොරිසන්ගෙන් ක්ෂණික ප්‍රකාශයක් මේ ගැන නොතිබූ නමුත් ඔහුගේ පාලක මධ්‍ය-දක්ෂිණාංශික ලිබරල් පක්ෂයේ සෙනෙට් සභිකයෙක් මෙම වෙනස පිටුපස බීජින බලදාරීන් සිටින බවට චෝදනා කළේය.
"අගමැතිගේ ගිණුම වසා දැමීමෙන් චීන රජය සිදු කර ඇත්තේ අපගේ ප්රජාතන්ත්රවාදයට විදේශීය මැදිහත්වීමක්" යැයි ජේම්ස් පැටර්සන් සඳුදා ගුවන් විදුලි නාලිකාවකට පැවසීය.
පැටර්සන් ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන්ගෙන් WeChat වර්ජනය කරන ලෙසද ඉල්ලා සිටියේය.
2019 මැතිවරණයට පෙර ඕස්ට්‍රේලියාවේ සැලකිය යුතු චීන-ඕස්ට්‍රේලියානු ප්‍රජාව සමඟ සන්නිවේදනය කිරීම සඳහා මොරිසන් මුලින්ම ඔහුගේ WeChat ගිණුම දියත් කළේය.
එම වසරේ, මොරිසන්ගෙන් වාර්තාකරුවන් විසින් ඔහුගේ ගිණුම චීන කොමියුනිස්ට් පක්ෂය විසින් වාරණය කළ හැකි අවදානමක් ඇත්දැයි විමසන ලදී.
"අපි එවැනි වාරණයක් අත්විඳ නැත," ඔහු පැවසීය.
2020 දෙසැම්බරයේදී, WeChat විසින් ඕස්ට්‍රේලියානු සොල්දාදුවන් විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ විමර්ශනය ආරක්ෂා කරන ලද පෝස්ටුවක් මොරිසන් ගිණුමින් ඉවත් කරන ලදී.
ඕස්ට්‍රේලියානු සොල්දාදුවෙකු පිහියක් අතැතිව සිටින බවට ව්‍යාජ රූපයක් ට්වීට් කර තිබූ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් ද මෙම පෝස්ට් එක විවේචනය කළේය.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)
0 Comments