ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා හා ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතා යන දෙදෙනාම අභාවප්රාප්තවූ බව අද (9) වාර්තා විය.
යන්න රට වටේ, චූඩ මාණිකේ බලාලා ඇතුළු ජනප්‍රිය වේග රිද්මයේ ගීත ගායනය නිසා 1980-90 දශකයේ ප්‍රකට නමක් දිනූ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරමින් සිටි අතර අභාවප්‍රාප්ත වූයේ 77 වැනි වියේදීය.හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වෙයි.
‘ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්’, අයිරින් ජොසපින්, ‘පොල්කටු හැන්දෙ මිට වගේ’, ‘මම්ම නෝ පප්ප නෝ’, ‘යමන් බණ්ඩො’, ‘කකුල කකුල කකුල මගේ’, ‘එතකොට, රෑ දොළහට ලයිට් ගියා’, බැන්ජො රබානේ, සුමිහිරි පානේ පදමට ගහලා, කිරිල්ලී රන් කිරිල්ලී , නිල්වන් මුහුදු තීරේ වැනි ගීතද ඔහු ගැයූ ජනප්‍රිය ගීත අතර තිබේ.
රාජකපුරු වේදිකා නාටකයෙන් ජනාදරයට පත්වූ ප්‍රකට වේදිකා හා ටෙලි නළුවෙකුවූ ගාමිණී අම්බලන්ගොඩ මහතා මියයන විට 66 වන වියෙහි පසුවිය.
2016දී හදිසි අනතුරකට ලක්වීමෙන් පාදයක කොටසක් අහිමිවීම නිසු ඔහු ගැන කතාබහක් ඇතිව තිබුණි.
රජගහේ නාඩගම, රූකඩ රාජ්ජේ, දික්තල කාලගෝල වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය වල රඟපෑ ගාමිණී ආදරණීය පූර්ණිමා,ගල්පිලිම හා බොල්පිළිම , ආදර වසන්තය ඇතුළු ටෙලිනාට්‍ය රැසක රඟපෑවේය.
0 Comments