මේ සම්බන්ධව එම රෝහලෙන් කළ විමසීමක දී එහි වෛද්‍යවරයකු කියා සිටියේ රෝහලේ ආහාරපාන පවත්වා ඇති බව සැබෑවක් බවය. එම ටෙන්ඩරය නවත්වන බවට ටෙන්ඩරය හිමිකරු රෝහලට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා යවා ඇති බැවින් ඇල්පිටිය මූලික රෝහලෙන් අවශ්‍ය ආහාර සියල්ල ගෙන්වා රෝගීන්ට දෙන බවත් එම වෛද්‍යවරයා කියා සිටියේය. කෙසේ වෙතත් එසේ ගෙන්වා ගන්නා ආහාර රෝගීන්ට පමණක් වන බැවින් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආහාරපාන, වියලි ආහාර ගෙන්වා සකස් කර ගැනීමට හෙට සිට කටයුතු කරන බව ද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
ඇඳන් පන්සියයකින් යුත් එම රෝහලේ කොවිඩ් රෝගීන් 100කට ආසන්න පිරිසක් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන් සඳහා දිනපතා ආහාර වේල් තුනක් හා වේල් දෙකක් සඳහා අතුරුපස ද තේ වේල් දෙකක් ද ලබාදීම සඳහා වන ටෙන්ඩරයේ මුදල් ගෙවීම දිගින් දිගටම ප්‍රමාදවීම නිසා මෙසේ කෑම සැපයීම නවත්වා ඇති බව එම ප්‍රකාශකයා කීය.
-විනීතා එම්. ගමගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval