මෙම සංසිද්ධිය නිසා මරණ 5 ක් වාර්තාවිය.
ඊයේ (29) සවස 4.00 පමණ අවාසනාවන්ත ලෙස මෙම සිද්ධිය සිදුව තිබූ අතර දියේ ගිලී මියගිය සිවුදෙනෙකුගේ මෘත දේහ අද උදෑසන වන විට ගොඩගෙන තිබූ අතර එක් තරුණියකගේ සිරුර ප්‍රමාද වී අද (30) සවස හමුවූ බව ඇටම්පිටිය පොලීසිය පවසයි.
ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසෙන් දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ ඇටම්පිටිය වත්ත පළමු කොටසේ පදිංචි වන රාජා ඩේවිඩ් කුමාර් (23), සිව සුබ්‍රමණියම් කාංචනා ප්‍රියා(21), භවානි චන්ද්‍රෙල්ඛා (23), හරිමලාදේවී සින්දු (19) සහ සිරියා (20) නැමති අයයි.
මෙම දියවල ඉතා ගැඹුරින් පිහිටා තිබීම නිසා මෙම දියවලෙහි කිසිවකුත් දියනෑම සිදු නොකරන එකක් බවද අවදානම නොතකා ගමන් කර දියනාන්නට ගොස් විපත උදාකරගත් බවද ඇටම්පිටිය පොලීසිය පවසයි.
ඇටම්පිටිය පොලීසියේ නිළධාරීන් හා බදුල්ල එළදලුව යුද හමුදා කදවුරේ නිළධාරීන් පැමිණ දියවල ඇතුලෙහි තිබූ සිරුරු ගොඩ ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබුණි.
අතුරුදන්ව ඇති ඉතිරි තරුණියගේ මෘත දේහය මුලින් හමු නොවූ පසු හමුදා කදවුරේ නිළධාරීන් දීර්ඝ වශයෙන් ඒ ගැන සොයා බලා පසුව අද සවස එම සිරුරද සොයාගන්නා ලදි.
0 Comments