girl-missing

නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන්ව සිටින 15 හැවිරිදි දැරියක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.  නේහා කෞමදි හේරත් නමැති මෙම දැරිය පසුගිය ජනවාරි 07 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට



ඇගේ බාරකරුවන් මහරගම  පොලිසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද පොලිසිය කියයි.  උස අඩි 5 අගල් 3ක් පමණ. තලෙළු සිහින් සිරුරකින් හෙබි මෙම දැරිය, කොණ්ඩය පිට මැද දක්වා වැවී ඇත. අවසන් වරට දකින විට ඇඳ සිට ඇත්තේ කොළ පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති කලිසමකි.


ඉහත ඡායාරූපයේ සිටින එම දැරිය පිළිබඳ යම්  තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.  මහරගම පොලිස් ස්ථානාධිපති - 071 8591645 පොලිස් ස්ථානය මහරගම - 011 2850222 / 011 2850700