imaduwa-oic-drunk-man

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමෙන් ඇතුළුවී ගාල්ල දක්වා ගමන් කිරීමට සූදානම්වූ බීමත් රියදුරෙකු පොලිසිය මගින් නවතා ප්‍රශ්න කිරීමේදී තමා බීමත්ව රියපදවන බව පිළිගන්නා රියදුරු තමා බිව්වේ ඉමදූව පොලිස් ඕඅයිසී සමග සිටිමින් බව පවසා ඕඅයිසී මහතාට දුරකථනයෙන් කථා කරයි.


අනතුරුව ඕඅයිසී එම ඇමතුමින් සිය කණිෂ්ඨ නිලධාරියාට ‘හු* ‘කියමින් කුණුහරුපයෙන් අමතමින් මෙයාව යවන්න.. යයි උපදෙස් දෙයි.
කොරෝනා ආරම්භවූ පසු කාලයේ පසුගිය 2021 වසරේ ජුලි මාසයේදී මෙම සිදුවීම සිදුව ඇතැයි වාර්තා විය.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අදාළ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් ද සිදුකර ඇති බවයි.
Video පහතින්