indika-gunathilake-update-pearth

පසුගියදා ඕස්ට්‍රෙලියාවේ පර්ත්හිදී දරුවන් මරා තමන්ගේද දිවි අහිමිකරගත් ශ්‍රී ලාංකික සම්භවය සහිත ඉන්දික ගුණතිලක සම්බන්ධ ඛේදනීය කතා පුවතේ අලුත් විස්තර කිහිපයක් මේ වනවිට ලැබී තිබේ.
මීට ඉහත කතාන්තරය අනුව මෙම ඛේදවාචකය විග්‍රහ කළ බොහෝ අය පැවසුවේ මෙහිදී ඉන්දික වැරදි බවයි. ඔහු ක්‍රිස්ටීන් නැමැති සුදු ජාතික බිරියගෙන් ඉවත්ව දරුවන් සමග වෙනත් ලස්සණ ජීවිතයක් ගතකිරීමට අවස්ථාව තිබූ නමුත් බිරියගේ අලුත් විවාහයට ඇති ඊර්ෂ්‍යාව නිසා දරුවන්ද මරා දමා තමාද මියගොස් බිරියට පාඩමක් උගන්වන්නට කල්පනා කර ඇතැයි ඇතමුන් විස්තර කර තිබුණි.
නමුත් මෙම සංසිද්ධියේ නවතම තොරතුරු අනුව ඝාතනයන් හා සියදිවිනසාගැනීම් සිදුවූ දිනයේ සිදුවන්නට ගොස් ඇත්තේ වෙනත් දෙයකි. ඒ නම් ඒ දිනයේ ඔහුට දරුවන් ක්‍රිස්ටීන්ට පෙන්වන්නට නොව දරුවන් සදහටම ඇයට භාරදෙන්නට අධිකරණ නියෝගය ලැබී තිබුණ දිනය බව පැවසේ.


ක්‍රිස්ටීන් ඔහුගෙන් දරුවන් උදුරාගෙන ඇත්තේ ඔහුට දරුවන්ට රැකවරණය දීමට නොහැකි මානසික ව්‍යාධියකින් පෙළෙන බවට පවුල් අධිකරණය හමුවේ කරුණු දක්වමිනි.


පසුගිය කාලයේ බිරියත්, බිරියගේ මවත් ඉන්දික හා නිරන්තරයෙන් ආරවුල් පැනනැගී ඇති අතර නීති ක්ෂෙත්‍රයට සම්බන්ධ ඔවුන් ඉන්දිකට එරෙහි ඉක්මන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවී තිබේ. ඔවුන් දන්වා තිබුනේ ඉන්දික ‘නාර්සිසිස්ට්‘ මානසික තත්වයකින් පීඩා විඳින බවයි.එනම් පුද්ගලයෙකු තමා අවට සිටින අයගේ අවශ්‍යතා නොසලකා හරින තරමට තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවයි. බොහෝ විට මෙවැනි රෝගීන් ඉතා ආකර්ෂණීය වන බවත්  සෘණාත්මක හැසිරීම් නොපෙන්වන නමුත් තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවත් විස්තර කර තිබුණි.


බටහිර ඕස්ට්‍රෙලියාවේ පවුල් අධිකරණය වෙත යොමුවූ ඔවුන් මෙම ව්‍යාධිය නිසා තවදුරටත් ක්‍රිස්ටීන්ට පවුල් කෑමට නෙැහැකි බවත් මානසික රෝගියෙකුට දරුවන් භාරදීම අනතුරුදායක බැවින් දරුවන්ගේ  සම්පූර්ණ භාරකාරීත්වයද  මවට පැවරිය යුතු බවත් අධිකරණයේ කරුණු ගොනු කර තිබුණි.


මීට දින කිහිපයකට පෙර එහි තීන්දුව ලැබුන අතර ඒ අනුව පුද්ගලික ව්‍යාපාරයක් හිමි ඉන්දිකට බිරිය වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට නියමවූවාසේම දරුවන් ඇයට පවරා ඇයට මාස්පතා දරුවන්ගේ වියදම වෙනුවෙන් නඩත්තු ගෙවිය යුතු බවටද නියම විය. බටහිර ඕස්ට්‍රෙලියානු පවුල් අධිකරණය මෙම කාරණාවේදී ඉන්දිකට අසාධාරණයක් කර ඇතැයි ඉන්දික මිතුරන්ට පවසා තිබුණි.


කෙසේ වෙතත් ඉන්දික වසර හයහමාරක් තිස්සේ මානසික රෝග වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් සිටීම හා එම රෝග සම්බන්ධයෙන් සායනික වෛද්‍යවරයෙකුගේ සේවය ඔහු නිරන්තරයෙන්ම ලබා සිටීම හා වෛද්‍ය වාර්තා ඕනෑතරම් තිබීම ක්‍රිස්ටීන්ට ඔහුට එරෙහි නීතිමය පියවර ගැනීමේදී වාසිදායි තත්වයක් මතු කර තිබුණි.
ඉන්දික, ක්‍රිස්ටීන් සමග විවාහ වන්නේ 2016 දීය.

ඉන්දිකට මානසික රෝගලක්ෂණ මතුවන්නේ 2014 මැද පමණ කාලයේ සිටයි. වාර්තාවන ආකාරයට ක්‍රිස්ටීන් ඔහුගේ දෙවන විවාහයයි. ඉන්දිකගේ පළමු විවාහය සිදුව ඇත්තේ ඔහුට වයස 31 දීය.ඒ 2013 දීය. කිසියම් ගැටලු නිසා ඔහු එම විවාහය වසරකින් පමණ අතහරින අතර ඔහුට විශාද රෝග තත්වයන් මතුවන්නේ ඉන් අනතුරුවයි.

නමුත් විධිමත් ප්‍රතිකාර නිසා ඔහුට එය කරදරයක් වන්නේ නැත. වයස 34 දී නැවත විවාහයක් හා දරුවන් දෙන්නෙකුද ලබා ඔහු සුන්දර ජීවිතයක් ගතකරමින් සිටියේය. නමුත් පසුගිය වසර දෙකක පමණ කාලයේ විවිධ ගැටලු එම පවුල තුළ පැනනැගී ඇත.ඒවා ඉන්දිකගේ වරදින් සිදුවූවාද බිරියගේ වරදින් සිදුවූවාද නැතිනම් නැන්දම්මා නිසා වූවාද දන්නේ ඔවුන් පමණි. නමුත් ඔහු දරුවන්ට බොහෝ සෙයින් ආදරය කළේය.පළමු විවාහයෙන් ඇද වැටුණ ඔහුට ඒ වෙනුවට දෙවැනි බිරියක් ලැබුණි.

නමුත් එම බිරියද නැතිවිය.
තමා සමග අමනාපවී බිරිය ගියත් සිත හදාගෙන මාස කිහිපයක් නිවසේ දරුවන් සමග සිටි ඔහුට දරුවන්ද අහිමිවීයා නම් උහුලනු බැරි වේදනාවක් වන්නට ඇත.සියල්ල අසාර්ථකයි.. සියල්ල අහිමිවී ගිහින් වැනි හැඟිමක් දැනෙන්නට ඇත.
අන්තිම බරාපොරොත්තුවද මැකී ගොස් දරුවන් භාරදෙන්නට අධිකරණය නම් කළ දිනයේ ඔහු මරාගෙන මැරුනේය. එය ඛේදවාචකයක්ම විය.

පෙර ලිපි
පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා - මිතුරෙක්
පර්ත්හිදී දරුවන් මරාගෙන මැරුණ ඉන්දික