jhonston-speaks
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාකුරුණෑගල මලියදේව බාලිකා විදුහල් නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (06දා සහභාගි වෙමින් මෙසේ පවසා සිටියේය.

 "අපි මේ අලුත් අවුරුද්ද ධනාත්මකව හිතලා ඉදිරියට යන්න ඕන. කෝවිඩ් වසංගතය නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදු වුණා. විදේශ සංචිත අඩු වෙලා තිබෙනවා. එම නිසා භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා. ගෑස්වල ප්‍රශ්ණයක් ඇති වී තිබෙනවා.


ගෑස් පිපිරීම් වාර්තා වෙනවා. මේ ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතුවී තිබෙනවා.

කොළඹ හතේ ගෑස් පිපිරෙන්නේ නැහැ.උතුරු පළාතේ ගෑස් පිපිරෙන්නේ නැහැ.නුවර, කුරුණෑගල ගෑස් පිපිරෙන් නැහැ. එනිසා මේ ගෑස් පිපිරීම් ගැන අපි විධිමත් පරික්ෂණයක් කළ යුතුයි. ජනාධිපතිතුමා මේ වනවිට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදු කරනවා. ඒ සම්බන්ධව විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තිබෙනවා. රටේ ජනතාව අතර මේ වනවිට කුතුහලයක් ඇති වී තිබෙනවා මේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන්. ජනතාව මේ ද වනවිට ගෑස් පරිභෝජනයට බිය වී තිබෙනවා.

මේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ විසඳුම් ලැබෙනු ඇති බවට මම විශ්වාස කරනවා. කෝවිඩ් වසංගතය වඩියෙන්ම බැට කෑවේ පාසල් දරුවන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාළ වුණි. ඔවුන්ට තමන්ගේ දක්ෂතාවන් වර්ධනය කර ගැනීමට තිබුණු අවස්ථා මගහැරලා. ඔවුන් පීඩනයට පත් වුණා. ඉදිරියේදී මේ කෝවිඩ් වසංගතයෙන් අපිට ගොඩ ඒමට පුළුවන් වෙතැයි මා විශ්වාස කරනවා.

පසුගිය කාලේ ගුරු මහත්ම මහත්මීන් ආඩුවට බල කළා ඔවුන්ගේ ගැටලුව විසඳන්න කියලා. අපි මේ වනවිට ඒ ගැටලුව විසඳා අවසන් කර තිබෙනවා.

ආණ්ඩුව මේ ගැටලුව විසදන්න හදද්දි විවිධ දේශපාලන පක්ෂවල අය ඔවුන් උද්ඝෝෂණවලට උසිගැන්නුවා. අපේ ගෞරවනීය ගුරුවරුන්ගෙන් සමහර අයව පාරට බැස්සුවා. මෙවර අයවැයෙන් ගුරුවරුන්ගේ ගැටලුව විසදන්න මුදල් වෙන් කළා. පක්ෂයටත් විරුද්ධව අයවැයේදී ඡන්දය පාවිච්චි කළා. ගුරුවරුන් වෙනුවෙන් පෙනී  සිටිනවා යැයි කියපු අය ගුරුවරුන්ට වෙන් කළ මුදල වත් අනුමත කළේ නැහැ.” යැයිද පවසා සිටියේය.