ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන්වරුන් යටතට පත්වීමත් සමග පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එරට ජනතාව රටීන් පිටවීම සදහා දැරූ උත්සාහයේදී ඇති වූ කලබලයත් සමග, කාබුල් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොදී මගහැරුණු ළදරුවෙකු යළිත් ඔහුගේ සීයා ඇතුළු ඥාතීන් වෙත භාරදීමේ අවස්ථාවක් එරටින් වාර්තා වී තිබේ. මෙම ළදරුවා සොනාලි අහ්මාදි ලෙස හඳුනාගෙන ඇත.

සිදුවීම හටගත් අගෝස්තු 19දා වනවිට සොනාලි යන්තම් මාස දෙකක් පමණ වයසේ පසුවූ දරුවෙකු බව පැවසෙයි. අනෙකුත් ඇෆ්ගනිස්තානුවන් මෙන් සොනාලිගේ මවුපියන්ද රටින් පිටවීම සඳහා එදින ගුවන් තොටුපොළට පැමිණ තිබේ. එහෙත් එහිදී ඔවුන්ට සොනාලි මගහැරී ඇත.ඒ අනුව සොනාලි සෙවීම අතහැර දමා ඇති ඔවුන් තමන්ට නියමිත ගුවන් යානයෙන් එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.

එහෙත් පසුව ඔවුන් මගහැරුණු සිය දරුවා සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය නොවැම්බර් මාසයේදී දරුවාගේ ඡායාරූපයක්ද සහිතව රොයිටර් පුවත් සේවය හරහා පුවතක් පළ  කෙරී තිබේ.ඒ අනුව කාබුල් නුවරටැක්සි රථ රියැදුරෙකු ලෙස කටයුතු කරන 29 හැවිරිදි සායිෆ් නම්, පුද්ගලයෙකු ගුවන් තොටුපොළේදී එම දරුවා සොයාගෙන, සිය නිවසට රැගෙන ගොස් තමන්ගේ දරුවෙකු ලෙස හදාවඩා ගැනීම සිදුකර ඇතැයි අනාවරණයවී ඇත. රොයිටර් පුවත ප්‍රසිද්ධියට පත්වීමත් සමග සායිෆ්ගේ නිවස අසල වෙසෙන පිරිස් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වා ඇති අතර,

ඔහු මෑතකදී ගුවන් තොටුපොළේ සිට දරුවෙකු රැගෙනඒමේ සිදුවීමත් මේ දරුවාත් අතර සම්බන්ධයක් ඇතැයි සිතා එම පුවත්පළ වූ අංකයට දැනුම් දීම සිදුකර තිබේ.ඒ අනුව සියල්ල හෙළිදරව් කර ඇති සායිෆ්, තමන්ද ඥාතීන් පිරිසක් රටින් පිටවීම සදහා ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය අවස්ථාවේදි මෙම දරුවා හඩමින් සිටින අයුරු දුටු බවත්, දරුවාගේ හිමිකරුවන් කවුරුන්ද යන්න සොයා බැලූ නමුත්, ඔවුන් කිසිවෙකුත් පිළිබද හෝඩුවාවක් නොලැබුණු නිසාත්, පැවැති කලබලකාරී තත්වයත් නිසාත් තම දරුවා රැගෙන නිවෙසට ආ බව සායිෆ් පවසා තිබේ.කෙසේ වෙතත් දරුවා පවුලේ ඥාතීන් වෙත ආපසු ලබාදීමේ ඒ කටයුත්තද එතැන් සිට සති හතකට වඩා වැඩි කාලයක් ගතවී ඇත. එහිදී දරුවා හදාවඩාගත් ටැක්සි රථ රියදුරා සමග ඒ පිළිබද සමතයකට පත්වීමට මෙම කාලය ගත වූ බව පැවසෙයි.මුලදී ටැක්සි රියදුරු සායිෆ් දරුවා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.



ඒ අනුව දරුවාගේ සීයා ජාත්‍යත්තර රතු කුරුස සංවිධානයේද සහාය පතා තිබේ. එහිදී සාධාරණ මැදිහත්වීමක් හිමිව නොමැති අතර, පසුව ඔහු පැහැර ගැනීමක් යටතේ කාබුල් නුවර තලේබාන් පොලිසියට මේ ගැන පැමිණිලි කර ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස සායිෆ් කැදවා කරුණු විමසා ඇති අතර, එහිදී ඔහු දරුවා ලබාදීම ප්‍රතික්ෂේපකර තිබේ. ඒ අනුව සියලු පාර්ශවයන් මැදිහත් වීමෙන් පැමිණි එකගතාවකට අනුව පුරා මාස පහක කාලයක් දරුවා වෙනුවෙන් සිදුකළ වියදම් වෙනුවෙන් ඇෆ්ගනිස්තානයේ ඇති මුදලින් ලක්ෂයක මුදලක් (ඩොලර් 950ක්) ලබාදී ගැටලුව සමතයකට පත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව අවසානයේදී දරුවා ආපසු තමන් වෙත ලබාගැනීමට දරුවාගේ සියා සමත්ව ඇත. ඉදිරියේදී එක්සත් ජනපදයේ ශ්වසන සොතාලිගේ සැබෑ මවුපියන් වෙත ඔහු භාරදීමට කටයුතු යොදන බව සීයා ඇතුළු ඥාතින් සදහන් කරයි. සොනාලිගේ පියා වන මිර්සා අලි අහ්මාදි කාබුල් අගනුවර පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙකු බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහු සිය බිරිදවන සුරයා සහ අනෙක් දරුවන් සිවුදෙනාද සමග අගෝස්තු 1 කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර, එහිදී ඇති වූ තදබදයත් සමග දරුවා තෙරපෙන්නට ඇතැයි ඔවුන් විශ්වාස කර තිබේ. අහ්මාදි රොයිටර් පුවත් සේවය වෙත සදහන් කර ඇති ආකාරයට එම දිනයේදී ඔහු ගුවන් තොටුපොළේඋස තාප්පයෙන් සිය ළදරුවා එහි සිටි හමුදා සාමාජිකයකු අතට භාරදී තිබේ. ඔහු ඇමෙරිකානු සෙබලකු බවත්, තවත් මීටර් 5කින් පමණ දුරින් තිබූ 1 පිවිසීමේ දොරටුව අසලදී දරුවා තමන්ට යළිත්

හිමිවනු ඇතැයි සිතූ බවත් අමාදි වැඩිදුරටත් පවසා ඇත.එහෙත් එම අවස්ථාවේදී තලේබාන් සටන්කරුවන් පැමිණ එතැන සිටි පිරී ඉදිරියට තල්ලු කර ඇති අතර, එහිදී ඔවුන්ට දරුවා මගහැරී තිබේ.

එසේම ඔවුන්ට යාමට නියමිත ගුවන්යානය ඊට පැය භාගයකින් පිටත්ව යාමට නියමිතව තිබූ නිසා තමන් සහ බිරිද සහ අනෙක් දරුවන් සිව්දෙනා වහාම ගුවන්යානයට ගොඩවුණු බවත් අහ්මා දිපවසා තිබේ. "මම ගුවන් තොටුපොළේ හැමතැනම දරුවාව හෙව්වා. ඒත් හමුවුණේ නැහැ. එතැනදී ගුවන්තොටුපොළේ හිටපු නිලධාරින් මට කිව්වා. දරුවා හම්බ වුණත් පස්සේ අපත් සමග සම්බන්ධ කරන්නම් කියලා. ඒ විශ්වාසයන් තමයි අපි හිටියේ අහ්මාදි සදහන් කරයි. එහෙත් ඔවුන් පිරිසට සොනාලි නොමැතිව එම ගුවන් යානයේ නැගී කාබුල් නුවර සිට එක්සත් ජනපදයේ ටෙක්සාස් නුවර පිහිටි යුද හමුදා කදවුර වෙත පැමිණීමට සිදුව තිබේ. එහි ගත කළ මාස හතරක කාලයේදී තමන්ට දරුවා ගැන කිසිදු තොරතුරක් නොලැබුණු බවද ඔවුන් පවසයි.කෙසේ වෙතත් අවසානයේදී රොයිටර් පුවත් සේවය මගින් දරුවාගේ ඡායාරූපයක්ද සහිතව පළකළ පුවත නිසා දරුවා  සොයා ගැනීමට තමන්ට හැකියාව ලැබුණු බව අහ්මාදි ස්තූති පූර්වකව සඳහන් කර තිබේ.