ගෑස් පිපිරීම් සිදුවෙනවා. ලිට්‍රෝ සභාපතිතුමා මාධ්‍ය වෙත ඇවිල්ල බයිල ගහනවා. බයිල ගහන්න දෙයක් නැහැ. ප්‍රශ්නෙ විසඳන්න බැරිනම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න’ යැයි රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (01) මීගමුව පැවැති උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමිනි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ගෑස් ගැටලූව උග‍්‍රවෙලා. ගෑස් නැහැ වගේම මිනිස්සු පෝලීම්වල ඉන්නවා. මිනිස්සු රස්තියාදු වෙනවා. රස්තියාදු වෙලා ගෑස් අරන් ගියාම පුපුරණවා. ලිට්‍රෝ සභාපතිතුමා ප්‍රශ්න විසඳන්නෙ නැතිව, මාධ්‍ය වෙත ඇවිල්ලා බයිල

ගහනවා. බයිල ගහන්න දෙයක් නැහැ. ගෑස් ටික නියමිත විදියට සපයන්න ඕන. ඒ වගේම සපයන ගෑස් ප්‍රරමිතියෙන් යුක්ත වෙන්නත් ඕන.

එහෙම නැත්නම් තනතුර දාලා යන්න ඕන. හිනා වෙලා මාධ්‍ය සාකච්ඡුා තියලා ප්‍රශ්නය විසඳන්න බැහැ. මිනිස්සු ගෙවල්වල ගිනි අරගෙන තියෙනවා. ප්‍රශ්නය විසඳන්න බැරිනම් මෙයාව ගෙදර යවන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.