ජනප්‍රිය ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් අඟහරුවාදා මුම්බායි හි බ්රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේ කොවිඩ් -19 සඳහා ධනාත්මක වීමෙන් පසුවය. ඇය නියුමෝනියාවෙන් ද පෙළෙන බව රෝහල් ආරංචි වාර්තා කරයි.
මංගේෂ්කාර්ට ප්‍රතිකාර කරන විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානියා වන වෛද්‍ය ප්‍රතිත් සම්ධානි පැවසුවේ ඇය ඉරිදා අලුයම රැගෙන ආ බවත් කොවිඩ්-19 සහ නියුමෝනියාවෙන් පෙළෙන බැවින් අඟහරුවාදා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවයි. ඇයගේ වයස 92 කි.
ඇගේ ලේලිය රච්නා පැවසුවේ, “ඇයට නිරන්තර ප්‍රතිකාර අවශ්‍යබව කීවා ඒ නිසා ඇයව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරු අපට උපදෙස් දුන්නා. අපිට අවස්ථාවක් ගන්න බැහැ. පවුලක් වශයෙන්, අපට ඇයට හොඳම දේ ලබාදීමට අවශ්‍යයි.
ඇයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බවට සහතික වීමට අපට අවශ්‍යයි.“
ලතා මංගේෂ්කාර්, ‘ඉන්දියාවේ නයිටිංගේල්’ ලෙස හඳුන්වනු ලබන සම්මානනීය ගායිකාවයි.
ඇගේ බාල සොහොයුරිය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ වන අතර ඇය ඇතුළු සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගෙන් ලතා වැඩිමලා වේ. ලතා මංගේෂ්කාර් වයස අවුරුදු 13 සිට ගායනයට පිවිසි අතර
දශක හතකට ආසන්න කාලයක් පුරා ක්‍රියාශීලී වෘත්තියක් දරමින් ගෞරවයට පාත්‍ර වූවාය.
ලතා මංගේෂ්කාර් 1969 දී පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.
0 Comments