litro-message

ගෘහස්ථ සහ වාණිජ වෙළඳපොළ අවශ්‍යතාවයන්ට සරිලන තරම් ගෑස් තොග ලිට්රෝ ගෑස් සමාගම සතුව ඇති බව එම සමාගම පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පාරිභෝගිකයින් සිය දෛනික අවශ්‍යතාවය ඉක්මවමින් අමතර ගෑස් සිලින්ඩර සදහා ගෑස් ලබාගැනීම හේතුවෙන් අධික වෙළඳපල ඉල්ලුමක් මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් දෛනික අවශ්‍යතාවයට සරිලන පරිදි ගෑස් මිලදී ගන්නා ලෙස ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.



එමෙන්ම කිසියම් පාර්ශවයක් විසින් අධික මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් 1311 අංකය තොරතුරු ලබාදෙන ලෙසත් ලිට්රෝ ගෑස් සමාගම දැනුම් දෙයි.