lover-nabbed-by-police

ජංගම දුරකතන සහ අන්තර්ජාලය ඔස්සේ පාසල් සිසුවියන්, තරුණියත් සහ කාන්තාවන් අපසුතාවට පත්කරමින් අසභ්‍ය ඡායාරූප යවමින් සහ ඒවා හුවමාරු කළැයි, පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ලැබු පුද්ගලයන් 26 දෙනකු පසුගිය මාස 6 ඇතුලතදී රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශන වලින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණි. මේ ඒකකයට එලෙස ලැබුණු පැමිණිලි අතර සුවිශේෂී එකක් වුයේ ජාත්‍යන්තර පාසලක දැරියක සමග මිතුරු වූ ඇගේම පන්තියේ මිතුරකු ඇය ලවා ඇගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඒවා හුවමාරු කර තිබීමයි. එම චෝදනාව මත සැකකාර සිසුවා රහස් පොලිසිය විසින් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

ඇතැම් පිරිමි අය කාන්තාවන්,තරුණීයන්, පාසල් සිසුවියන් සමග ඉතා සුක්ෂම ලෙස පෙම් සබඳතා ගොඩනගාගෙන කලකදී ඔවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාල ඇප් ඔස්සේ ගෙන්වාගෙන පසුව ඒවා ප්‍රසිද්ධ කරන බව පවසමින් ජනයා බියගන්වමින් කප්පම් මුදල් බාගැනීමට ඔවුන්සමග අඹුසැම් ඇසුර පැවැත්වීමට උත්සාහ ගැනීමේ සිද්ධි ගණනාවක් පසුගිය දිනවල දිගින් දිගටම වාර්තා වී තීබිණි. මෙහි අලුත්ම කතාව පසුගියදා වාර්තාවී තිබුණේ බුත්තල ප්‍රදේශයෙනි. ඇය ජානකී ය.ඕ පදිංචිව සිටියේ මොනරාගල දිසාවට අයත් බුත්තල.

ඔක්කම්පිටිය පොලිස් බලප්‍රදේශයේය.ජානකී පෙවතකු ඇසුරු කළාය.

ඇගේ අදහසවුයේ ඔහු සමග අනාගතයේදී විවාහ දිවියට ඇතුලත් වීමයි. ඒ හේතුව නිසා ඇය. මොනම අවස්ථාවකවත් පෙම්වතාගැන  අවිශ්වාස කළේනැත. කාලය ගෙවීයන අතර ජානකීගේ පෙම්වතා ඇයට යෝජනාවක් ගෙනෙ එන්නේය. ඒ නිදහසේ දනක් කාලය ගතකිරීම සඳහා දවසක දෙදෙනාම පමණ සිටිය හැකිතැනකට යමු කියාය. පෙම්වතාගේ අදහසට විරුද්ධ වීමට ජානකීට නොහැකිවිය.ඒ ඇය ඒ තරමට ඔහුට ආදරය කළ නිසාය. ජාතකීගේ ඒ ගැන විරෝධයක් නැති බව දැන ගන්නා පෙම්වතා ඇය සමග දවසක් ගතකිරීම සදහා දිනයක් වේලාවක් යොදාගත්තේය.

ඒ පසුගිය මාර්තු මාසයේ 16වැනිදාය. ජානකී සමග එදින බුත්තල නිවාඩු  නිකේතනයට යන පෙම්වතා එහි කාමරයකට ඇය කැඳවාගෙන ගොස් සිටින අතරේ මත්වතුර පානය කරන්නේ ඇය බලා සිටියදීය.ඉන් අනතුරුව ඇයටද සිදුවන්නේ පෙම්වතා දුන් මත්වතුර පානය කිරීමටය, පෙම්වතාගේ ඉල්ලීම ඉටුකරනවා හැර කිසිම විකල්පයක් ඇයට ඒමොහොතේ තිබුණේ නැත. මත්වතුර පානය කිරීම අනතුරුව අවසිහිය මෙන් ජානකීට අතවර කරන පෙම්වතා එම සිද්ධිය මුල සිටම වීඩියෝ ග තකරන්නටද කටයුතු යොදා  තිබිණි. එදා දවස එහි ගතකළ දෙදෙනා ඉන් පිටව ගියේ ලංගතුකම තවතවත් වැඩිකරගෙනය. එහෙත් ඉන්පසු ජානකී මුහුණපෑවේ ලොකු කරදරයකටය. ජානකී පෙම්වතා සමග අඹු සැමි ඇසුරේ නිරතව සිටින දර්ශනපෙම්වතා අන්තර්ජාලය ඔන්සේ ඇයට එවා තිබුණි.ඒදුටු ඇය වික්ෂිප්ත වුවාය. කරදරය පටන් ගන්නේ එතැන් සිටය,



වඳින්නට ගිය දේවාලය හිසමත කඩා වැටුණවැනිය.තමා මෙතෙක් පණමෙන් ආදරය කළ පෙම්වතාගේ තත්ත්වය ජානකී දැනගන්නේ එවිටය, මේ වීඩියෝ දර්ශන සමාජමාධ්‍ය ජාලාවලට මුදාහරින බව ජානකීට කියන පෙම්වතා එසේ නොකරන්නටනම් ඇගෙ මුදල් ඉල්ලා සිටින්නේ තර්ජනාත්මකවය. අසරණව සිටින ජානකීට පෙම්වතා ඉල්ලන මුදල් දීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොවිය. තර්ජන හමුවේ බියටපත්  ඇය පෙම්වතාටවතා කීපයකදී මුදල් දුන්නාය. පෙම්වතාගෙන් සිදුවන කරදරය දිගින් දිගටම වැඩිවෙද්දී ජානකී තීරණයකට එළැඹියාය.ඇයමේ ගැන කොළඹ පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයට, ඔක්කම්පිටිය සහ බුත්තල පොලිස් ස්ථානවලට දැනුම් දෙන්නේ ඒ අනුවය. මේ අතර ජානකීගේ සාහසිකපෙම්වතා ඇගේ නිරුවත් දර්ශනජානකීගේ. මවගේ ජංගම දුරකතනයට එවන්නේ සිත්පිත්නැත්තකු සේය. මේ වනවිට පෙම්වතා සිටින ඉසව්ව ගැනද ජානකී නිශ්චිතව දැන නොසිටියාය.

මොනරාගල කොට්ඨාස ළමා සහ කාත්තා කාර්යාංශයේ නිලධාරී සහ මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීද ඒවනවිට මේ සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කර තිබිණි. මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක,පොලිස් පරීක්ෂක වසන්ත බණ්ඩාර, උපපොලිස් පරීක්ෂකවරුන්වන නවරත්න, අබේරත්න, විජේවික්‍රම, කොස්තාපල්වරුන්වන  (1607)සනත් (40871)  අබේවර්ධන (40885) ජයවර්ධන (61433) අමිල (86642)සුරේෂ්යන නිලධාරී සැකකරු අල්ලා ගැනීම සඳහා සැලැසුමක් සකස් කරන්නේ ඉන් අනතුරුවය.ජානකීට තර්ජනය කර මුදල් ඉල්ලන පෙම්වතා ඒවන විට කොළඹට ගොස් සිටියත් ඔහු සිටින තැන ගැන නිශ්චිත තොරතුර කිසිවකු දැන සිටියේ නැත.

ඔහුගේ ජංගම දුරකතනය පමණ ක්‍රියාත්මක වී තිබිණි.විමර්ශනයන් ඉන් අනතුරුවකරන්නේ පොලිස් නිලධාරිනියක් උපාය දුතියාන ලෙස  යොදවා ජානකී ලෙස පෙනී සිටිමින් පෙම්වතාට දුරකතන ඇමැතුම් ලබාදීමයි. පොලිස්කණ්ඩායමේ උත්සාහය වුයේ සැකකරු එමගින් ඔක්කම්පිටියට ගෙන්වා ගැනීමයි.පොලීසියගැසූ ගැටය හරියටම හරියන් ඔය අතරය. උපාය දුතයා ලෙස වෙස්ගැන්වුණු පොලිස්නිලධාරීනිය ජානකී ලෙසම පෙනීසිටිමින් සැකකරුට ඇමතුමක් ගෙන ඔහුගෙන් ඉල්ලන්නේ ඔක්කම්පිටිය ප්‍රදේශයට පැමිණෙන ලෙසය. ඇයට රැවටුණු සැකකරු ඔක්කම්පිටිය ප්‍රදේශයටකොළඹ සිට පැමිණෙන අතර ඒ අනුව එහි ගිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගන්නේ වැඩි අපහසුවකින් තොරවය.

සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී හෙලි වී ඇත්තේ ඔහු ස්ත්‍රීදූෂණ කීපයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින අයකු බවය.

මේ පුද්ගලයා මීට පෙර මෙලෙසම පෙම්වතියන් කීපදෙනකු ඇසුරු කර තිබුණු අතර ඔවුන් ද මෙසේ රටවා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයටත් එම පෙම්වතියන්ගේ ඥාතීන්ට මුදාහැර තිබුණු බව විමර්ශනවලදී හෙලිවිය.  වැඩිදුර විමර්ශන පිණිසසැකකරු බුත්තල පොලීසියට භාරදී තිබිණි.මේ අතරතම හිටපු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් ඇය බියගන්වා රුපියල් ලක්ෂයක කප්පමක් ලබාගෙන පසුව එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හල පොලිකොස්තාපල්වරයකු අහුන්ගල්ල පොලීසිය විසිඅත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියදාය. සැකකාර කොස්තාපල්වරයා ආදුරුප්පුවීදීය පොලීසියේ සේවයේ නිරත අයෙකි.

අහුන්ගල්ල පොලිස් වසමේ පදිංචි තරුණීයක පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළ අහුන්ගල්ල පොලිස් නිලධාරින් මේ සැකකරු අත්අඩංගුවටගෙන තිබිණි.සැකකාර කොස්තාපල්වරයාමේ තරුණිය විවාහ කරගන්නා බවට පොරොන්දු දෙමව්පියන්ගේ කැමැත්ත මත වසර 2ක් පමණ ඇය සමග පෙම්සබඳතාවක් පවත්වාගන ගොස් ඇති අතර එම කාලයේ ඇගේ නිරුවත් චායාරුප ලබාගෙන තිබිණි. පසුව සුළු කාරණයකට තරුණිය අතහැර දමන කොස්තාපල් ඇගේ නිරුවත් ඡායාරුප අන්තර්ජාලයට මුදාහරින බව කියා තර්ජනය කර රුපියල් ලක්ෂයක කප්පම ලබාගැනීමෙන් අනතුරුව එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබූ බව විමර්ශනවලදී හෙලිවිය.

-අමල් රණබාහු-