විද්යුන් මාධ්‍ය ආයතනයක ප්රවෘත්ති අංශ ප්‍රධානියකුගේ පුත්‍රයකුගේ විවාහ ලියාපදිංචිය කිරීමට නියමිතව තිබුණේ අගමැතිගේ ප්‍රධානත්වයෙනි.
එහෙත් අසනීප තත්ත්වය නිසා බ්‍රහස්පතින්දාට (27 වැනිදා) යෙදී තිබූ විවාහ මංගල්‍යය තුනකටම අගමැතිවරයා සහභාගි වූයේ නැත. ඒ වෛද්‍ය උපදෙස් මතය. එම විවාහ මංගල්‍යයවලට සහභාගි වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ය.
රටට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කළ පිරිත් පින්කමක් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපතිවරයාද ඊට එක් වුවද මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වය අවම විය. කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු පමණක් ඊට එක්ව සිටි අතර එක් රාජ්‍ය අමාත්‍යවරයෙක් පමණක් පැමිණ සිටීමද විශේෂත්වයකි. පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා වන සනත් නිශාන්ත ද කිතුනු භක්තිකයෙකි. මෙම පිරිත් පින්කම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවැති විවාහයක් ලියාපදිංචි කිරීමේ දීද සාකච්ඡාවට බඳුන් විය.
අරලියගහ මන්දරයේ පැවැති විවාහ ලියාපදිංචියේ දී හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පිරිත් පිිංකම පිළිබඳ හඬ අවදි කළේය. ‘‘ජනාධිපතිතුමා පාන්දර පහටත් පිරිත් අහන්න ආවා. මැති ඇමැතිවරු ආවේ අඩුවෙන්.’‘ ඔහු කීවේය.
එවිට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ‘‘මමත් එළිවෙනකම් පිරිත් ඇහුවා. මගේ ගෙදර තියෙන්නේ සම්මන්ත්රණ ශාලාව ළඟනේ’’ යැයි කීවේය.
අගමැති මහින්ද රාජපක්ෂ සහභාගි වීමට නියමිතව තිබූ තවත් මංගල්‍යයකට සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අනෙක් පාර්ශ්වයෙන් විවාහයට අත්සන් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැමිණෙන බව දැනගෙන නොසිටියේය. එහෙත් විවාහයට අත්සන් කර දෙදෙනා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමද විශේෂත්වයකි.
0 Comments