mahinda-resign-rumours

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන බවටත් ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ අගමැති කම බාරගන්නා බවටත් පසුගිය දිනවල සමාජ මාධය තුළ විශාල ප්‍රචාරයක් දියත්වූ අතර එසේ පැතිරයන ප්‍රචාරය අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය


නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කර තිබේ.


රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ දන්වා ඇත.
මේ අතර  ඉංග්‍රීසි පුවත්පතක් වාරතා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත් කරනු ඇති බවට ගෙන ගියේ ප්‍රචාරක ව්‍යාපෘතියක්  බවයි.
වසර මුල දී ‍ කැබිනට් සංශෝධනයක් සිදු කර අමාත්‍යංශ හයක් සංශෝධන කිරීම හා.නව ලේකම් වරු පත්කිරීම සිදුවෙතත් අගමැති වෙනස් නොවන බව එහි දැක්වේ.  පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශක ලෙස ඉදිරියට කටයුතු කරනු ඇති බවත් එහි සඳහන්ය.


මෙම තනතුරු මාරුවීම් සම්බන්ධ සියල්ල ජනතාවට මේ දිනවල බලපා ඇති ආර්තික ගැටලු පිලිබඳ කථාකාවන් වෙනස් අතකටෙ හරවා ඒ කෙරේ අවධානය අවම කිරීමට ආණ්ඩුවේම ප්‍රචාරණ ව්‍යාපාරයක් බවට විපක්ෂය චෝදනා කර තිබේ.

අගමැති කාර්යාලයේ නිවේදනය පහතින්