කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණ.

කිලෝමීටර් 40.91කින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන “ඇතුගල්පුර පිවිසුම”  මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු 05කින් සමන්විතය.

මෙහි ඉදිකිරීම් සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 149කි. සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් විසින් සිදුකර තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් පැවති පාපැදි ධාවන තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම ජනාධිපතිතුමාගේ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරිණ.
(ඡායාරූප : සාගර ලක්මාල් ද මැල්, සුමින්ද කීර්ති, රොෂාන් බොතේජු, ශාමික වක්වැල්ල, උපුල් නිලංග - ජනාධිපති මාධ්‍ය අංශය)