ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සිය Meta Inc. සමාගම හරහා ලෝකයේ වේගවත්ම කෘත්‍රිම බුද්ධි සුපිරි පරිගණකය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව අනාවරණය කරයි. මීට පෙර මෙම සමාගම Facebook Inc. ලෙස හදින්වුණි. අලුතින් පිහිටුවුණු Meta Inc. සමාගම මගින් සිදු කරන Metaverse තාක්ෂණික ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය
වෙනුවෙන් මෙම නව සුපිරි පරිගණකය ඉදිකිරීම සැලසුම වී තිබේ.මෙම Metaverse තාක්ෂණය යනු සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය එකට එකතු කරමින් ඉදිරිපත් කෙරෙන නව සංකල්පයකි. අද වනවිට Meta සමාගමට අමතරව තවත් තාක්ෂණික සමාගම් රැසක් මෙම තාක්ෂණය වෙත යොමුවමින් සිටියි. අනාගතයේදී ප්‍රධානතම තාක්ෂණය බවට මෙම Meta පත්වීම ඊට හේතුව වී තිබේ. ඒ අනුව මෙම Meta තාක්ෂණයෙන් සිදුකෙරෙන අතථ්‍ය පරිසර නිර්මාණය ඇතුළු කටයුතු සඳහා පෙර නොවූ විරූ ආකාරයේ බලයක් සහිත සුපිරි පරිගණකයක අවශ්‍යතාව පවතින බව | ෆේබුක් නිර්මාතෘවරයා පවසයි. දැනටමත් සකර්බර්ගේ මෙම Meta තාක්ෂණය සඳහා යොදාගන්නා කෘත්‍රිම බුද්ධි සුපිරි පරිඝණකය AI Research SuperCluster (RSC) ලෙස නම් කර තිබේ. එය අද ලොව පස්වැනියට වේගවත්ම සුපිරි පරිගණකය බවත් සමාගම පවසයි. "මේ Metaverse තාක්ෂණය හරහා අපි ගොඩනගන අත්දැකීම සඳහා සුවිශේෂී පරිගණක බලයක් අවශ්‍ය වෙනවා.
එය තත්පරයට මෙහෙයුම් ට්‍රිලියන පහක් සිදුකිරිමේ හැකියාවක්. මේ අලුත්ම Research SuperCluster යටතේ එන කෘත්‍රිම බුද්ධි ආදර්ශයට උදාහරණ ට්‍රිලියන ගණනකින් ඉගෙන ගන්න, භාෂා සිය ගණනක් හඳුනා ගන්න වගේම, තවත් දේ පුළුවන්.” සකර්බර්ග් පවසා සිටියි.
Meta පර්යේෂකයන්ට අනුව මෙම සුපිරි පරිගණකය නිපදවීම ප්‍රොසෙසර දහස් ගණනක් යොදාගෙන සිදුකිරීම සැලසුම වී ඇති අතර, එය අනාවරණය නොකරන ස්ථානයක පිහිටුවනු ඇති බවත් පැවසෙයි. එසේම මෙම Meta සංකල්පය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවීම සඳහා තවත් වසර කිහිපයක් ගතවනු ඇති බවත්, ඒ සදහා සූදානම් වීමක් ලෙස මෙම සුපිරි පරිගණකය ඉදිකිරීම ඇරඹීම අතිශය වැදගත් බවත් Meta හි තාක්ෂණ වැඩසටහන් කළමනාකරු ඇතුළු පිරිස් පවසති.
(කසුන් දර්ශන)
0 Comments