රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා වියත්මග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් යූටියුබ් නාලිකාවකට සිදු කර තිබේ. ඔහු මෙසේ කියයි.
‘වියත්මග කියලා කියන කාරණය හුඟක් වෙලාවට දැන් සාකච්ඡාවට භාජනය වෙන දෙයක්නෙ.
වියත්මග කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වශයෙන් පත්වන්නට පෙර ඔහු වටා ගොඩනැගුණු බුද්ධි මණ්ඩලයක්. ඒක දේශපාලන සංවිධානයක් නෙමෙයි. දේශපාලන පක්ෂයකුත් නෙමෙයි. 2016 – 2019 දක්වා අවුරුදු 4 ක පමණ කාලයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් සමග එකතු වෙලා මේ රටේ බොහෝ විද්වතුන්, ජනතාව එකතු කරගෙන සාකච්ඡා කරලා සෞභාග්‍යයේ දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන්නට විශාල දායකත්වයක් දුන්නා.
නමුත් කැබිනට් මණ්ඩලය, රාජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය පරිපාලනය. කැබිනට් මණ්ඩලය ගත්තොත් වියත්මගේ කවුරුත් එතන නැහැනේ. රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පමණ ඉන්නවා එතන ඉන්නේ වියත්මගේ තුන්දෙනයි. එතකොට මේ රට දුවන්නේ වියත්මගෙන් නෙමෙයි. අමාත්‍යාංශ ලේකම්වරු ගත්තහම අමාත්‍යාංශ 70 ක් තියෙනවා, මා දන්නා තරමට වියත්මගෙන් ඉන්නේ 4 දෙනයි.
වියත්මග සැලැස්ම අනුව පාලනය කරන එක රජයට අයිති කාරණයක්. රජය කියලා කියන්නේ වියත්මග නෙමෙයි.
වියත්මගේ භූමිකාව එතනින් ඉවරයි. එහාට යන්නට තිබුණා අර කියපු කැබිනට් මණ්ඩලයේ අනෙක් තැන්වල හිටිය නම්. එහෙම කරලා නැහැ.‘
0 Comments