nepal-vaccine

නේපාලය තුළ සිටින අවුරුදු 5ත් 11ත් අතර වයසේ පසුවන දරුවන් සදහා COVID-19 එන්නත් මාතා ලබාදීම ආරම්භ කිරීමට එරට සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇතැයි පවසයි. එහිදී දැනට මේ සම්බන්ධයෙන් සිදුකරන සැලසුම් නිසි ආකාරයෙන් සිදු වුවහොත් එය සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි රජයේ විශ්වාසය වී තිබේ.මෙම එන්නත්කරණය සදහා අවශ්‍ය Pfizer-BioNTech එත්තත් මාත්‍රා මිලියන 6ක් ඉදිරියේදී බලාපොරොත්තුව සිටින බව පවසයි.

එහිදී ඇමෙරිකානු පොද්ගලික සමාගමක් හරහා මෙම එන්නත් මිලදී ගැනීම සිදුකරන බව නේපාල රජය සදහන් කර තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නේපාල සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන කළමනාකරණ අංශයේ ප්‍රධානී වෛද්‍ය සුරේන්ද්‍ර චාරුසියා. "වයස අවුරුදු 5ත් 11ත් අතර වයසේ දරුවන්ට Pfizer එන්නත් ලබාගැනීම ගැන දැනටමත් සාකවී පැවැත්වෙමින් තිබෙන්නේ.

විශේෂයෙන්ම මෙම වයසේ දරුවන් අතර පවතින ඉහළ ආසාදිත අවදානම පිළිබඳව සලකා බලා ඒ පිළිබඳ තීරණය ගත්තා.” යැයි පවසා සිටියේය. නේපාලය තුළ වයස අවුරුදු 12ත් 17ත් අතර වයසේ පසුවන . දරුවන් සදහා එන්නත් මාත්‍රා ලබාදීමේ කටයුතු අර්ධයකින් සම්පූර්ණවීමත් සමග මෙලෙස අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කිරීමට කටයුතු යෙදී තිබේ. නේපාලය තුළ අවුරුදු 12ත් 17ත් අතර දරුවන්ට එන්න මාත්‍රා ලබාදීම පසුගිය දෙසැම්බර් 19දා ආරම්භ කෙරිණි.