ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබාගත යුතු බවයි එහි සඳහන් වෙයි.
මෙරට රැදීසිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් අදාළ රක්ෂණාවරය මඟින් ආවරණය වන බව අදාළ නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපල හරහා සිදු කෙරෙන PCR පරීක්ෂණයේදී CT අගය 30ට අඩු පරීක්ෂණ වාර්තා හිමි සංචාරකයින් සහ මෙරටට පැමිණෙන්නන් දින 7ක නිරෝධායන කාලයකට යටත්ව ගුවන්තොටුපලින් බැහැරට යාහැකි වන බවද එහි සඳහන් වෙයි.
එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.
0 Comments