no-power-cut---Gamini-Lokuge

අද දිනයේ ජනපති සමග සාකච්ඡාවක් පැවති බවත් ප්‍රතිඵල සාර්ථක බවත් ඒ අනුව පූර්වයෙන් දැනුම් දුන් විදුලි කප්පාදුව සිදු නොකරන බවත් විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මීට ටික වේලාවකට පෙර පස්වරු 2.30 ට පමණ දන්වා සිටියේය.




විදුලි බල ඉංජිනේරු සංගමය හා වෘත්තීය සමිති ඊයේ සිටම අද සහ හෙට සිදුවන විදුලි කප්පාදුව ගැන දන්වා තිබූ අතර ඇමතිවරයා පවසන්නේ එම ප්‍රශ්නය සාකච්ඡා කර විසඳාගත් බවය. එකී සංගම් දන්වා තිබූ කරුණු අනුව එලෙස විසඳාගන්නට ඉඩක් තිබුණ ප්‍රශ්න ඒ කප්පාදුව තුළ නොවීය.
මීට ඉහතත් ඇමතිවරයා විදුලි කප්පාදුව සිදු නොකරන බව දන්වා සිටි දින කිහිපයකදීම කප්පාදුව සිදු කර තිබුණි.