nuruththettuwe-ananda-president-prime-minister

පසුගියදා කොළඹ සරසවියේ උපාධි ප්‍රදාන උත්සවයකදී ඇදුරු කොටසකගේ හා සිසුන්ගේ අගෞරවයට පාත්‍රවූ එම සරසවියේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට ගෞරවය පිරිනැමීමේ උපහාර උත්සවයක් මීට දින 4 කට පෙර 8 වනදා “අනද නාහිමි කුලපති උපහාර” අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ඊයේ (11) වාර්තාවූයේ දෙවනි වතාවටත් එවැනි උපහාර උත්සවයක් ‘‘යතිවර හරසර’’ නමින් නෙළුම් පොකුණ රඟහලේදී

පවත්වා ඇති බවයි.
ඒ සඳහා අගමැති මහින්ද පමණක් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද පැමිණ සිටියහ.



කුලපතිවීමට සුදුසුකම් නැති බවට හා දේශපාලන අඳබාලයෙකු බවට විවිධ චෝදනා වලට බඳුන්වූ හිමියන් ඊයේ ඊට පටහැණිව ප්‍රශංසා හිමිවූ අතර එදින විශේෂ ඇගයම් දේශන පැවැත්වූයේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති  ඊතලවැටුණවැවේ ඥාණතිලක, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන යන හිමිවරුන් සහ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතාය.