omicron-distribution


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද නවතම SARS-CoV-2 ප්‍රභේද වාර්තාවට අනුව, 78   නිැයදියකින් නව Omicron රෝගීන් 75 ක් සහ ඩෙල්ටා රෝගීන් 3 ක් අනාවරණය වී ඇත. 



සාම්පල පරීක්ෂණය අනුව දැනට පැතිරෙන කොරෝනා රෝගීන් සියයට 96 ක්ම ඔමික්‍රොන්ය.

සමීක්ෂණයට අනුව පහත ස්ථාන වල Omicron අනාවරණය විය. කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පරකඩුව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් BA.1 රෝගීන් 56ක් හඳුනාගෙන ඇත. BA.2 රෝගීන් 12ක් අවිස්සාවේල්ල, බදුල්ල, කොළඹ, ගාල්ල, කොන්නවල, ගල්කිස්ස, නුගේගොඩ සහ ඉන්දියාවේ සිට පැමිණි එක් මගියෙකුගෙන් අනාවරණය විය. අංගොඩ, කොළඹ, රුවන්වැල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ පාදුක්ක යන ප්‍රදේශවලින් බී.1.1.529 රෝගීන් 7ක් හඳුනාගෙන ඇත.

පහත ස්ථාන වලින් විවිධ ඩෙල්ටා උප පෙළක් අනාවරණය විය.


එක් AY.98 (ශ්‍රී ලංකා ඩෙල්ටා ) තලංගමේදී අනාවරණය විය. AY.104 (ශ්‍රී ලංකා ඩෙල්ටා උප පෙළපත) එක් රෝගියෙක් කඩුවෙලින් අනාවරණය විය. B.1.617.2  එක් රෝගියෙක් වැල්ලම්පිටියෙන් අනාවරණය විය.

දැනට, ශ්‍රී ලංකාවේ අනුපිළිවෙලින් 8% BA.2 වන අතර, ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් අනෙකුත් ප්‍රභේද වන්නේ B.1.411: ශ්‍රී ලංකා ප්‍රභේදය, B.1.1.25, B.1.258, B.1.428, B.4, B.4.7, B.1.1.365, B.1.525, B.1 , B.1.1. යන ඒවාය.
අදාළ සිතියම මේ සමග පළවේ.