එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ඕෂල හේරත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ මාධ්‍ය සම්බන්ධීකාරකයෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකු වන අතර ඊට පෙර ධීවර අමාත්‍යංශයේද සේවය කළේය.
ඔවුනගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බව වෛද්‍යවරයාගේ පුත් ඕෂල හේරත් පවසයි.
එසේ සොයාගත් බව පවසන පිස්තෝල, රිවෝල්වර සිය 11 හැවිරිදි පුත්‍රයාගේ ප්ලාස්ටික් සෙල්ලන් බඩු බව ඕෂල හේරත් කියයි.
ඔහුගේ පැහැදිලි කිරීම මෙසේය.
'' මගේ තාත්තා විශ්රමීක වෛද්‍යවරයෙක්. මම ජීවත්වෙන්නේ පිළියන්දල මගේ නිවසේ. 2022.01.17 වන දින මගෙ නිවසට පොලිස් නිලධාරින් පිරිසක් පැමිනියා. ඔවුන්ට මගේ නිවස පරික්ෂා කිරීමට අවශ්‍ය බව කියලා මගේ ගෙදර හිටපු අයගෙයි මගෙයි සියලුම ජංගම දුරකතන ලබා ගත්තා. ඒ අතර සියලුම දෙනාට කිව්වා කාමර වලට යන්න කියලා.
මගේ පෙන් ඩ්‍රයිව් 2ක් තිබුනා ඒකත් ගත්තා. ඒ අතර මගේ පරිගණක සියලු බංකු විස්තර cctv රහස් අංකද තිබුනා. පොලිසියෙන් ඒ දුරකතන ලබාගත්තා නමුත් කිසිම ලියවිල්ලක් මට ලබා දුන්නෙ නැහැ.
මාධ්‍යයෙන් මම දැක්කා ආයුධ ගබඩාවක් හොයාගත්තා කියලා .. නමුත් එතන තිබුනෙ මගෙ දරුවගෙ සෙල්ලම් බඩු.බෝල විදින තුවක්කුවක් හා මගෙ වායු රයිපල් තුවක්කු 4ක් තිබුණා.
ඒ අතර පිහියක් තිබුනා ඒක රම්බො පිහියක්ද කියන්න මම දන්නෙ නැහැ.
අනින් කාරනාව තමයි මට තිබ්බේ මේ සෙරම cctv එකේ එකත් කිරුලපන පොලිසියේ SI කෙනෙක් ඇවිල්ල බලෙන් කඩාගෙන ගිහින් කට උත්තරයක් අරන් තියනවා. මගේ සහොදරියගෙන් අපේ කැමැත්තට ඒ ඔක්කොම ගලවා ගත්තා කියලා අස්සන් කරවාගෙන .
මගේ තාත්තා මේ වෙනකන් මටවත් මගේ ලොයර් කෙනෙක්ටවත් බලන්න දුන්නෙ නැහැ.. මට වෙච්ච අසාධාරණයට මම 2022.01.17 මානව හිමිකම් එකට පැමිණිල්ලක් කලා ..ඉදිරියේ දී නීති මගින් කටයුතු කිරිම බලාපොරොත්තු වෙනවා.''
0 Comments