pb-jayasundara-gamini-senarath

ජනපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා වෙනුවට වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ගාමිණී සෙනරත් මහතාට වැඩ භාර ගැනීමට හැකිවන ලෙස ජනාධිපතිවරයා විසින් කලින්ම ඉවත්වීම ඉල්ලා තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.




ඒ අනුව ඔහු 31 වනදා අස්වීම ද්නාව තිබූ අතර ලබන 15 වනදා සිට නව ලේකම් ලෙස ගාමිණී සෙනරත් වැඩ භාරගනු ඇත.
ඊයේ 03 වනදා ජනපති ලේකම් කාර්යාලයේ නව වසරේ වැඩ ඇරඹීමේ අවස්ථාවටද පීබී ජයසුන්දර එක්වූයේ නැත. නමුත් විශේෂ අමුත්තෙකු     ලෙස ගාමිණී සෙනරත් පැමිණ සිටියේය.
 ජයසුන්දර මහතා සහ අමාත්‍ය මණ්ඩලය අතර දිගින් දිගටම ඇති වූ ගැටුම්වලින් පසුව මෙම ඉල්ලා අස්වීම සිදු වූ අතර, ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින අර්බුදයට වගකිව යුතු අමාත්‍යවරුන්ට වඩා වැඩි බලයක් සහ බලපෑමක් ඇති නිලධාරීන් රජය තුළ සිටින බවට බොහෝ අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබූ පසුව ඉල්ලා අස්වීමට ජනපති දන්වා තිබුණි.


ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් වූ පසු ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගේ හෝ මුදල් ඇමති බැසිල්ගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ ඇතැයි අනුමාන කළද, ඔහු උපදේශක තනතුරක කටයුතු කිරීමට අකමැත්ත පළ කර ඇති බවද වාර්තා විය.

මේ අතර, සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඊයේ ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ගැන සඳහන් කරමින් කියා සිටියේ "ආණ්ඩුව තම ලේකම්වරුන් ගෙදර යැවීමෙන් තම අසාර්ථකත්වය මග හැරීමට" උත්සාහ කරන බවයි.