මහානායක, අනුනායක හිමිවරු ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ භික්ෂූන් වහන්සේ දහස් නමකගේ සහභාගීත්වයෙන් ජය පිරිත් සඡ්ඣායනය සිදු කෙරිණ. මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ආබාධ සහිත රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද කිරීම ජය පිරිත් සඡ්ඣායනයේ තවත් අරමුණකි.
අනුශාසනා සිදු කළ මහාසංඝරත්නය කොවිඩ් වසංගතය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක වී සමස්ත රටවැසියන්ට නිදුක් නිරෝගී සහ මානසික සුවය ප්‍රාර්ථනා කළහ.
අද (27) උදෑසන පැවති හීල දානමය පිංකමට ද ජනාධිපතිතුමා සහභාගී විය.
ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු, ආරක්ෂක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිංකම වෙනුවෙන් දායකත්වය ලබා දී තිබිණ.
කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මහජන නියෝජිතයෝ, ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක අංශවල සාමාජිකයෝ, රණවිරු පවුල්වල සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
0 Comments