power-cut-extended

කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් තාවකාලිකව පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මණ්ඩලය මින් ඉහත දන්වා තිබුණද මේ වනවිට එම ගැටලුව තවත් උග්‍ර අතට පැමිණ තිබෙන බවත් පැයක් නොව පැය කනිහිපයක කප්පාදුවකට යාමට සිදුව ඇති බවත් වාර්තාවේ.


ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවීම ඊට හේතුවයි.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් කොටසක මොගොවොට් 300 ක්, කොළඹ වරායේ බාච් බලාගාර යේ මොගොවොට් 60 ක් හා සපුගස්කන්ද මෙගොවොට් 68 ක් වශයෙන් වබලාගාර කිහිපයක නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක්ම පද්ධතියෙන් මේ වනවිට ඉවත්ව ඇත.
බලාගාර කිහිපයකටම අවශ්‍ය ඞීසල් හා දැවි තෙල් නොමැතිවීම නිසා බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තාවේ.



අක‍්‍රීය වූ මෙගොවොට් 300 නොරොච්චෝල ගල් අඟුරු බලාගාර කොටස යළි පද්ධතියට එක් කිරීමට දින හතකට වඩා යන බවද ඩීසල් හා දැවිතෙල් බලාගාර සඳහා ලබාදීම තවදුරටත් පමා වන බවද වාර්තා වන අතර බලාගාරවලට අවශ්‍ය ඩීසල් මිලදී ගැනීමට ඩොලර් ප‍්‍රශ්නය හරස් වී ඇතැයිද ද ඉංජිනේරුවෝ කියා සිටිති.
ඒ අනුව පවතින ගැටලු නිරාකරණය වනතුරු දිනකට කපන පැය ගණන තවත් වැඩිවනු ඇතැයි වාර්තා පළවේ.