power-issue-sri-lanka

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අද(24) රාත්‍රියේදී මෙන්ම හෙට(25) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.


ඒ සම්බන්ධ වේලාවන්ද ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අද පස්වරු 05.45 සිට රාත්‍රී 09.30 දක්වා පැය 1 ක කාලයක් සහ
හෙට දහවල් 01.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 2 ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
කප්පාදුව කාණ්ඩ 4 ක් යටතේ විවිධ වේලාවන්ට සිදුවන අතර කාණ්ඩ වලට අයත්වන තැන් ගැන විස්තරයක් කර නැත.
තව දින 3 කින් ඉන්ධන නිසි ලෙස නොලැබුණොත් මේ විදුලි කප්පාදුව පැය 3ක් දක්වා වර්ධනය වනු ඇති බවද දන්වා ඇත.