principal-strike

වැටුප් විෂමතාව ඉවත් කිරීමෙන් පසු තමන්ට සිදුව ඇති බලවත් මූල්‍ය අසාධාරණය නිවැරැදි කරන ලෙස ඉල්ලමින් විදුහල්පති වෘත්තීය සංගම් එකොළහක සාමාජිකයෝ හෙට (28 වැනිදා) එක් දින සංකේත වැඩවර්ජනයක් පවත්වති.





විෂමතා ඉවත් කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කිරීමට පෙරම අධ්‍යාපන ඇමැතිවරයා, ලේකම්වරයා , රාජ්‍ය සේවා කොමිෂන් සභාව, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මෙන්ම මුදල් අමාත්‍යාංශය ද දැනුවත් කිරීමට පියවර ගත් නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එම වෘත්තීය සංගම්වලින් සැදුම්ලත් විදුහල්පති සමිති සන්ධානය සඳහන් කරයි. නිකුත් කරන ලද චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට (28 වැනිදා) පවත්වන වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවත් විසඳුමක් නොලැබුණහොත් දැඩි තීරණ ගැනීමට සිදු වන බව ද එම සන්ධානය පවසයි.

විදුහල්පති ශ්‍රේණීධාරීන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය, ජාතික විදුහල්පති එකමුතුව ඇතුළු සංගම් එකොළහක් මෙම විදුහල්පති සමිති සන්ධානයට අයත් ය.

(නිලන්ත මදුරාවල)