පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත්
කරන බව රජයේ ආරංචි වාර්තා කරයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ විෂය පථයන් රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ යටතේ පවතින අතර ඔහු මේ වනවිට කොරෝනා ආසාදිතව එංගලන්තයේ නිරෝධායනය වෙමින් සිටී. මැතිවරණය කල්දමනවානම් ඔහුගේ අත්සන සහිතව ගැසට් පත්‍රයක් නිකුත්විය යුතු වන නමුත් මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ විදෙස් ගතවසිටිමින් එබඳු ගැසට් පත්‍රයක් අත්සන් කළ නොහැකි බවයි.
මැතිවරණය කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය වෙනුවෙන් ඇමති ධූර මාරු කිරීමට රජයේ අවධානය යොමුව ඇති අතර ලබන සතියේ සිදුවන ඇමතිමණ්ඩල සංශෝධනයේදී
අදාළ විෂය භාර අලුත් ඇමතිවරයෙකු පත් කර
රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉවත් කෙරෙන පළාත් පාලන විෂය පථය යටතේ පළමු ගැසට් නිවේදනය නිකුත් කෙරෙන බවද වාර්තාවේ.
පළාත් පාලන මැතිවරණය වසරකින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇත. වසරකින් කල්දැමීම එක්වරක් කළ හැකි වන අතර 2023 වසරේ මාර්තු 20 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි.
0 Comments