schools-reopen-perfectly

දිවයිනේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණි සඳුදා (10) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේ වනවිටත් සියලු පාසල්වලට ලබාදී ඇති බවයි.


ඒ අනුව, කොවිඩ් 19 පැතිර යාමත් සමඟ පාසල්වලට සිසුන් ගෙන්වා ගැනීමේ සීමාවන් හෙට සිට ඉවත් වනු ඇත.

කොවිඩ් 19 පැතිර යාමත් සමඟ දිවයිනේ සියලු පාසල් වසා දැමීමට පියවර ගැනුණු අතර, ආසාදිතයින් වාර්තාවීම අඩුවීමත් සමඟ පාසල් පද්ධතියේ අධ්‍යයන කටයුතු පියවර කිහිපයක් ඔස්සේ ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගනු ලැබිණි.

ඒ අනුව, පාසල් සඳහා සිසුන් ගෙන්වා ගැනීමේදී සීමාවන් යොදා ගනිමින් අධ්‍යයන කටයුතු සිදුකිරීමට මීට පෙර පියවර ගෙන තිබුණි

ගතවූ කාලය තුළ ලැබූ අත්දැකීම් අනුවත්, සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ගෙන ඇති පියවරත් සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුව හෙට සිට සාමාන්‍ය පරිදි සියලූම ශ්‍රේණිවල සිසුන් පාසලට කැඳවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙයි.



සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, උෂ්ණත්වය මැනීම, මුව ආවරණ පැළඳීම, අත් සේදීම ඇතුළු සියලුම සෞඛ්‍ය පුරුදු තවදුරටත් පවත්වා ගනිමින් සියලූම ශ්‍රේණවල සිසුන් පාසල්වලට කැඳවීමට පියවර ගෙන ඇති බවයි.

සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් පාසල් එවීමේදී සියලු සෞඛ්‍ය කි්‍රයාමාර්ගයන්ට අනුගතව ලබාදී ඇති උපදෙස් පිළිපඳිමින් දරුවන් පාසල් වෙත එවන ලෙසයි.