මේ දිනවල වරින්වර රජය මගින් රටේ විදුලි බලය ඇණහිටීම ඩොලර් හිඟය නිසා ඇතිවූ ගැටලුවක් බවටත් එයට ඉන්ධන මදිවීම හා යන්ත්‍ර ක්‍රියාවිරහිතවීම හේතුවන බවත් දක්වමින් පිටපතකට අනුව නාටකයක් රඟපාන බවටත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති ඉරිදා පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් දන්වා තිබේ. ඔහුගේ අරථ දැක්වීම අනුව මෙය සැලසුම් සහගත අර්බුදයක් විනා සත්‍ය ලෙසම මතුවූ ගැටලුවක් නොවේ.
යුගදනවි බලාගාරයේ ගිවිසුමට යට ගසා රටට අවශ්‍ය එකම ක්‍රමය එල්.එන්.ජී. බලාගාර බවට ජනතාව කෙරෙහි විශ්වාසය ඇති කිරීම මෙම සැලසුමේ අරමුණ බව ඔහු හෙළි කරයි.
විදුලි අර්බුදය නිර්මාණාත්මකව ජනතාව අන්දවා ජනතා විරෝධය වෙනතකට හැරවීමට යොදා ඇති බාල ගණයේ උපායක් බවට ඔහු චෝදනා කරයි.
පොහොර ප්රශ්නය ගෑස් ප්රශ්නය බඩු මිල ඉහළයාම ඇතුළු ගැටලු රාශියකින් ජනතාව පීඩා විඳින අතරේ ඒවාට විසඳුම් දෙන්නට හෝ බුරුලක් දෙන්නට ඉඩ නොතබාම ජනතාවට පටි තදකරමින් මේ සැරසෙන්නේ සියල්ල පෞද්ගලීකරණය කිරීමට බවත් මෙවැනි පීඩාවකින් පසු එය සාධාරණීකරණයට පහසු බව ආණ්ඩුව සිතන බවත් හෙතෙම සඳහන් කර තිබේ.
0 Comments