susil-three-wheel

 රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (4) උදෑසන එම අමාත්‍යාංශයට ගොස් තමාට ලැබී තිබූ නිල රථය හා භාණ්ඩ යළිත් භාරදුන්නේය.


නිල රථය භාරදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා තම ආරක්ෂක නිලධාරියකු ද සමඟ ත්‍රිරෝද රථයක නැගී ඉන් පිටව ගිය අතර
”වාහන භාරදීලා දැන් මම ත්‍රීවීල් එකේ ගෙදර යනවා. යළිත් උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා වාහනයක් ගන්නවා. ඒවා හොරකම් කර ගන්නා ඒවා නෙවෙයි” යැයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා එම අවස්ථා‍වේ පැවසීය.
2000-2021 කාලයේ ඇමති ධූර දරමින් සිටි සුසිල්ට වාහනයක් ගන්න නත්කමක් නැතිවීම හා ඒ සඳහා මුල සිට පටන්ගත යුතුද යන්න ඇතැමුන් ප්‍රශ්න කර තිබෙයි.
මෙම ක්‍රියාවලිය පිටපතකට අනුව සිදුව ඇති බවත් ඔහු රඟපා ඇති බවත් කියමින් ඇතැමුන් විවේචන සිදු කර තිබේ. මේ සමග පළවන්නේ ඒ සම්බන්ධිත ෆේස් බුක්  නිර්මාණ කිහිපයකි.