ඊයේ 22 අලුයම් කාලයේ කඩවත පොලිස් වසමේ ඇන්ඩෲස් පටුමග, කඩවත ප්‍රදේශයේ කුලී නිවසකදී විදුරු කැබැල්ලකින් ගෙල කපා බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ. කඩවත පොලීසියට ලද තොරතුරු මත විමර්ශන අනුව
මියගිය පුද්ගලයා වයස අවුරුදු 20 ක් වන ගෝනහේන, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. ඝාතනය සිදුකල වයස අවුරුදු 19 ක් වන නුවර පාර, කඩවත ප්‍රදේශයේ පදිංචි සැකකරු ඝාතනය සදහා යොදාගත් වීදුරු කැබැල්ල සමග අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට අනාවරණය වී ඇත. කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර ඊයේ 22 අලුයම් කාලයේ සූරියවැව පොලිස් වසමේ වල්සපුගල ප්‍රදේශයේ වගා ඉඩමක පිහිටි නිවසක් තුලදී හිසට හා පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත. සූරියවැව පොලීසියට ලද තොරතුරු අනුව විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය තැනැත්තා වයස අවුරුදු 62 ක් වන මුවන්පැලැස්ස, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය අය පමණක් සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇති අතර,
පෙර දින (21) රාත්‍රී 8.30 ත් පසුදා උදෑසන 8.30 ත් අතර කාලයේදී නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී මෙම ඝාතනය සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට රෝහලට රැගෙන ගොස් ඇත. ඝාතනය සිදුකල සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
0 Comments