wanawasala-train-accident

කැලණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී අද සිදුවූ අනතුරකින් වාහනයක ගමන් කළ පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්විය.
අපරීක්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී මෝටර් රථය දුම්රියේ වැදී ඇදී යාමෙන් මෙම අනතුර සිදුවිය. කංකසන්තුරේ සිට

කොළඹ කොටුව බලා ධාවනය වූ උත්තරදේවි ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථය ගැටුණි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථය පදවමින් සිටි අවුරුදු 55 ක වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මොහු පෞද්ගලික ආයතනයක සේවය කරන ඉංජිනේරුවරයෙකි.
අනතුර සමග මොටර් රථය ද ගිනිගැනීමට ලක්ව ඇති අතර අසල රැස්ව සිටි පිරිස් ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ. අනතුරෙන් දුම්රියට ද අලාභ සිදුව තිබෙයි.ගිනි නිවන හමුදාවද මේ වෙනුවෙන් කටයුතු කරන ලදි.
 දුම්රිය මේ වනවිට අලුත්වැඩියා කටයුතු සඳහා දුම්රිය අංගනය වෙත රැගෙන ගොස් තිබෙයි.  දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධාකාරි තත්ත්වයක් මතු නොවූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.